Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»93km දිගු දේශගුණික පාලනයකින් යුත් පාපැදි අධිවේගී මාර්ග සංකල්පය ඩුබායි හි එළිදක්වයි
Uncategorized

93km දිගු දේශගුණික පාලනයකින් යුත් පාපැදි අධිවේගී මාර්ග සංකල්පය ඩුබායි හි එළිදක්වයි

Stanly KularathnaBy Stanly KularathnaFebruary 3, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි පදනම් කරගත් “The Loop” නමින් කිලෝමීටර් 93ක දේශගුණික​ව පාලනය ක​ල සයිකල් අධිවේගී මාර්ග ව්‍යාපෘතියක් නිවේදනය කොට තිබෙනවා. ඇවිදීමෙන් සහ බයිසිකල් පැදීමෙන් මිනිත්තු තුනකින් ප්‍රධාන සේවා සහ වෙනත් ස්ථාන වෙත මිලියන තුනකට අධික පදිංචිකරුවන් සම්බන්ධ කිරීම ව්‍යාපෘතියේ අරමුණයි.

මෙම නවතම සංකල්පය ඩුබායි හි 2040 වන විට මිනිත්තු 20 ක නගරයක් බවට පත්කිරීම් ඉලක්කයට අනුකූල වන අතර, එමගින් පදිංචිකරුවන්ට දෛනික අවශ්‍යතා සහ ගමනාන්ත වෙත මිනිත්තු 20 ක් ඇතුළත පයින් හෝ බයිසිකලයෙන් ප්‍රවේශ විය හැකි වෙනවා.

මෙම ව්‍යාපෘතියේ හි ප්‍රධාන විධායක නිලධාරී Baharash Bagherian ප්‍රකාශ කළේ, “නාගරික සංචලනයේ ව්‍යවසායකත්වය සඳහා හොඳම ස්ථානය වන්​නේ ඩුබායි නගරයයි. ඩුබායි නගර​ය පයින් හෝ බයිසිකලයෙන් පෘථිවියේ වඩාත්ම සම්බන්ධිත නගරය බවට පත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. ඩුබායි හි 80% කට වැඩි පිරිසක් දෛනික පදනම මත බයිසිකලයක් භාවිතා කිරීමට පෙළඹවීම සහ නගරයේ අනාගත සංචලන යටිතල පහසුකම් තිරසාර ප්‍රවාහන පද්ධති බවට පත් කිරීම සඳහා ප්‍රතිනිර්මාණය කිරීම මෙහි අරමුණයි”

​ඊට අමතරව Loop ව්‍යාපෘති​ය මගින් ලොව උසස්ම පාපැදි පැදීම සහ ඇවිදීමේ යටිතල පහසුකම් සඳහා නව මිණුම් දණ්ඩක් නිර් මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා . මෙමගින් කාලගුණික තත්ත්වයන් කුමක් වුවත්, ඩුබායි හි පදිංචිකරුවන්ගේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය ඇවිදීම සහ බයිසිකල් පැදීමට එය විනෝදජනක දේශගුණික​ව පාලනය වූ පරිසරයක් සපයනු ඇත. ඩුබායි සහ ඉන් ඔබ්බෙහි නාගරික සංචලනයේ අනාගතය හැඩගස්වන විවිධ පහසුකම් සහ තිරසාර විශේෂාංගවලින් මෙම ව්‍යාපෘතිය සමන්විත වෙනු ඇ​ත.

වර් තමානයේ, බයිසිකල් පැදීම සහ පොදු නාගරික ප්‍රවාහනය අතර සම්බන්ධතාව​යන්හි සැලකිය යුතු පරතරයක් පවතින අතර, ඒ දෙක ඒකාබද්ධ වන අයුරින්, ඩුබායි වැසියන්ට ඔවුන්ගේ දෛනික ගමනාගමනවලදී දිගු දුරක් යාමට පාපැදි පැදීම සහ පොදු ප්‍රවාහනය ඒකාබද්ධ කිරීම පහසු වනු ඇත.

Loop ව්‍යාපෘති​ය මගින් මෝටර් රථ කේන්ද්‍රීය යටිතල ව්‍යුහයේ සිට මිනිසුන් කේන්ද්‍ර කරගත් යටිතල ව්‍යූහය දක්වා වෙනසක් ලබා දෙනු ඇත.

ව්‍යාපෘති විධායක නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, “අපගේ අරමුණ වන්නේ විවිධ විවේක හා ප්‍රජා සේවා ද සැපයිය හැකි මිනිසුන්ගේ අවශ්‍යතා සඳහා අවකාශයන් භාවිත​වන යටිතල පහසුකම් ගැන සිතීමයි. කාලගුණික තත්ත්වයන් කුමක් වුවත් මෙවැනි යටිතල පහසුකම් තිරසාර ගමනාගමනයේ ප්‍රියජනක ක්‍රමයක් විය යුතුයි”

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleබලපත්‍ර නොමැතිව අරමුදල් රැස් කිරීම, සහය දැක්වීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ඩිරාම් 500,000 දක්වා දඩ
Next Article 75 වැනි නිදහස් උළෙල අදයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.