එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුව (CBUAE) මුදල් විශුද්ධිකරණයට එරෙහි නීති උල්ලංඝනය කිරීම සහ ත්‍රස්තවාදයට (AML/CFT) සහ නීති විරෝධී සංවිධානවලට මුදල් සැපයීමට එරෙහිව මූල්‍ය සමාගමකට දඩුවම් පනවා තිබෙනවා.

නියාමක සමාගමට ඩිරාම් මිලියන 1.8 ක දඩයක් නියම කළ අතර, උල්ලංඝනය කිරීම් නිවැරදි කිරීමට මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතියට අදාළ ගැටළු නිවැරදි කරන ලෙස ඉල්ලා සිටියා.

රටේ AML/CFT නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් මහ බැංකුව පසුගිය වසරේ​ද විනිමය ආයතන​ය වෙත මූල්‍ය සම්බාධක පැනවීය.

බ්‍රහස්පතින්දා, මූල්‍ය සමාගමට සම්බාධක පනවනු ලැබුවේ උපදේශකයෙකු විසින් සිදු කරන ලද සමාලෝචනයකින් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ මෙහෙයුම් අසාර්ථකත්වයන්ට අමතරව සමාගම විසින් සිදු කරන ලද ඉහළ අවදානම් සහ නැවත නැවතත් AML/CFT උල්ලංඝනය කිරීම් අනාවරණයෙන් පසු මහ බැංකුව විසින් කරන ල​ද පරීක්ෂා කිරීමකින් පසුවය.

“මූල්‍ය සමාග​මේ ඉහළ අවදානම් කටයුතු හා නැවත නැවතත් උල්ලංඝනය කිරීම්, AML/CFT සඳහා නිර්මාණය කර ඇති ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටිවලට අදාළව ​දක්වන ල​ද දුර්වලතා සොයාගැනීම්වලින් පැහැදිලි වෙනවා,” මහ බැංකු නියාමකයා පැවසුවා.

මූල්‍ය සමාගම්වල සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මූල්‍ය පද්ධතියේ ව්‍යාපාරවල විනිවිදභාවය සහ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා සියලුම මූල්‍ය සමාගම්, ඒවායේ හිමිකරුවන් සහ කාර් ය මණ්ඩලය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීති සහ රෙගුලාසිවලට අනුකූල විය යුතු බව මහ බැංකුව පවසයි.

Share.

Comments are closed.