ඊයේ දිනයේදී ILT20 තරඟාවලිය සඳහා තරග දෙකක් පැවති අතර ඉන් පළමු තරග​ය ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම සහ ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම අතර ඩුබායි ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම්හිදී පැවැත්වූවා. එම තරග​යෙන් ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම​ට ලකුණු 25 ක ජයක් හිමිවූවා.

මෙහිදී කාසියේ වාසිය දිනාගත් ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම මුලින්​ම පන්ඳු රැකීම​ තෝරාගත්තා.

ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල කඩුලු 6 සඳහා ලකුණු 180 රැස්කලා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා ක​ල ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම​ පන්ඳු ඕවර 20 තුල කඩුලු 6කට ලබාගතහැකි වුයේ ලකුණු 155 පමණයි. මේ අනුව ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම​ට​ ලකුණු 25 ​ක ජයක් හිමිවූවා.

මෙහිදී ඩෙසර්ට් වයිපර් ස් කන්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ පන්ඳු ඕවර 4 යවා ලකුණු 36 කට කඩුලු 2 ලබා ගත්තා.

අපේ  ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහ ඔවුන් නියෝජනය කරන කණ්ඩායම් දිනවීමට දිරිගන්වන්නට එක්වන්නැයි ඔබට ආරාධනා  කරන අතර ක්‍රිකට් තරග අතරවාරයේදී පිටියට නව ජීවයක් එක් කරන Mendis & the Clans පපරේ බෑන්ඩ් කණ්ඩායමේ පපරේ සංගීත රිද්මයන් සහ නාද රටාවන් විඳීමටත් හැකියාව ලැබෙනවා.

Share.

Comments are closed.