75 වන නිදහස් දි​නයට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය සහ ශ්‍රී ලාංකික ප්‍රජාව සංවිධානය කරන SRI LANKAN DAY 2023 පෙබරවාරි මස 11වන සෙනසුරාදා උදෑසන 10.30 සිට සවස 5.00 දක්වා ඩුබායිහි සබීල් පාර්ක් පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

එහිදී සහන ශ්‍රී ලංකා සුභසාධක ​සාධක සංගමය විසින් සමාජ සුභසාධක වැඩසටහන් මාලාවක් නොමිලේ ක්‍රියාත්මක කිරීමට සංවිධානය කොට තිබෙනවා.

සමාජ සුභසාධක වැඩසටහන්

  • ලේ දන් දීමේ කඳවුර
  • වෛද්‍ය සායන​ය
  • අක්ෂි පරීක්ෂාව
  • ඇස් කණ්ණාඩි බෙදාදීම
  • නීති උපදේශ​න
  • රැකියා අවස්ථා උපදේශන
  • වීසා සහ ආගමන විගමන උපදේශන

ඩුබායිහි SRI LANKAN DAY වැඩසටහන් මගින් ලැබෙන අරමුදලින් ශ්‍රි ලංකාව තුලද සමාජ සුභ සාධන  ව්‍යාපෘති  ක්‍රියාත්මක  කිරීමට එක්සත් ​එමීර් රාජ්‍යයේ ශ්‍රි ලාංකික ප්‍රජාව සැලසුම් කර තිබෙනවා.

වැඩිපුර විමසීම්  050 – 650 6162

Share.

Comments are closed.