Iris Health Services නැමති සෞඛ්‍ය රක්‍ෂණ සමාගම,  රක්‍ෂණ ක්ෂේත්‍රය හා සේවාවන්ට අදාළ මාර්ගෝපදේශවලට අනුකූල නොවීම හේතුවෙන් ​එහි බලපත්‍රය අවලංගු කර ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුව (CBUAE) ප්‍රකාශ කලා. එම සමාගම වෛද්‍ය ප්‍රතිලාභ සහ හිමිකම් පරිපාලන සේවා සපයන තෙවන පාර්ශවීය පරිපාලන සේවා සමාගමකි.

බැංකු නියාමකයා පැවසුවේ “සෞඛ්‍ය රක්‍ෂණ, තෙවන පාර්ශවීය පරිපාලකයින්ට බලපත්‍ර ලබා දීම සහ ඔවුන්ගේ ව්‍යාපාරය නියාමනය කිරීම සහ පාලනය කිරීම සඳහා අදාළ උපදෙස් සහ ක්‍රියා පටිපාටිවලට අනුකූලව” බලපත්‍රය අවලංගු කර ඇති බවයි.

සියලුම සමාගම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවලට අනුකූලව කටයුතු කරන බව සහතික කිරීම සඳහා මහ බැංකුව දේශීය රක්‍ෂණ අංශයේ නිර්දේශයන් දැඩි ලෙස නිරීක්ෂණය කරණු ලබනවා.

2022 ජුනි මාසයේදී, එහි නියාමන වගකීම් ඉටු කිරීමට අපොහොසත් වීම නිසා රක්ෂණ සමාගම් දෙකකට පරිපාලනමය සම්බාධක පැනවීය. එක් සමාගමකට වසරක් සඳහා නව ගනුදෙනුකරුවන්ට අතිරේක රක්ෂණ ඔප්පු නිකුත් කිරීම තහනම් කරන ලදි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව රක්ෂණ අංශයට නව මාර්ගෝපදේශ නිකුත් කරන ලදී.

රක්ෂණ අංශයේ ක්‍රියාත්මක වන සමාගම්, රක්‍ෂණකරුවන්, ප්‍රතිරක්‍ෂණකරුවන්, නියෝජිතයන් සහ තැරැව්කරුවන් ඇතුළුව, නව රෙගුලාසිවලට අනුකූල වීමට මාසයක කාලයක් ලබා දී ඇත.

රක්ෂණ ක්ෂේත්‍රයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මූල්‍ය පද්ධතියේ විනිවිදභාවය සහ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා නියාමකයා විසින් අනුගමනය කරන ලද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීති සහ රෙගුලාසිවලට අදාළ සියලුම රක්ෂණ සමාගම් සහ වෘත්තීන් අනුකූල වන බව මහ බැංකුව ප්‍රකාශ කලා.

Share.

Comments are closed.