ඊයේ දිනයේදී සාජා වොරියර්ස් කන්ඩායම සහ ගල්ෆ් ජයන්ට්ස්ක න්ඩායම අතර සාජා ක්‍රිකට් ස්ටේඩියම්හිදී පැවති තරග​යෙන් ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම​ට කඩුලු 7 ​ක ජයක් හිමිවූවා.

මෙහිදී කාසියේ වාසිය දිනාගත් ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම මුලින්​ම පන්ඳු රැකීම​ තෝරාගත්තා.

සාජා වොරියර් ස් කන්ඩායම පන්ඳු ඕවර 18.3 තුල කඩුලු සියල්ලම දැවී ලකුණු 107 රැස්කලා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා ක​ල ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම​ පන්ඳු ඕවර 16.3 තුල කඩුලු 3කට ලකුණු 108 රැස්කරමින් ජයග්‍රහණය වාර්ථා කලා.

හෙ​ට පැවැත්වෙන තරග​ය​

හෙ​ට දින ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම සහ ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම අතර පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරග​ය ඩුබායි ඉන්ටර් නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම්හිදී රාත්‍රී  7.30 ට ආරම්භ වීමට නියමිතයි.

ඩෙසර් ට් වයිපර් ස් කන්ඩායම නියෝජනය කරමින්

  • වනිඳු හසරංග
  • මතීෂ පතිරණ
  • දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කිරීමට නියමිතයි

අපේ  ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහ ඔවුන් නියෝජනය කරන කණ්ඩායම් දිනවීමට දිරිගන්වන්නට එක්වන්නැයි ඔබට ආරාධනා  කරන අතර ක්‍රිකට් තරග අතරවාරයේදී පිටියට නව ජීවයක් එක් කරන Mendis & the Clans පපරේ බෑන්ඩ් කණ්ඩායමේ පපරේ සංගීත රිද්මයන් සහ නාද රටාවන් විඳීමටත් හැකියාව ලැබෙනවා.

Share.

Comments are closed.