ඊයේ දිනයේදී සාජා වොරියර්ස් කන්ඩායම සහ ගල්ෆ් ජයන්ට්ස්ක න්ඩායම අතර සාජා ක්රිකට් ස්ටේඩියම්හිදී පැවති තරගයෙන් ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායමට කඩුලු 7 ක ජයක් හිමිවූවා.
මෙහිදී කාසියේ වාසිය දිනාගත් ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම මුලින්ම පන්ඳු රැකීම තෝරාගත්තා.
සාජා වොරියර් ස් කන්ඩායම පන්ඳු ඕවර 18.3 තුල කඩුලු සියල්ලම දැවී ලකුණු 107 රැස්කලා.
පිලිතුරු ඉනිම ක්රීඩා කල ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම පන්ඳු ඕවර 16.3 තුල කඩුලු 3කට ලකුණු 108 රැස්කරමින් ජයග්රහණය වාර්ථා කලා.
හෙට පැවැත්වෙන තරගය
හෙට දින ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම සහ ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම අතර පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගය ඩුබායි ඉන්ටර් නැෂනල් ක්රිකට් ස්ටේඩියම්හිදී රාත්රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.
ඩෙසර් ට් වයිපර් ස් කන්ඩායම නියෝජනය කරමින්
- වනිඳු හසරංග
- මතීෂ පතිරණ
- දිනේෂ් චන්දිමාල් ක්රීඩා කිරීමට නියමිතයි
අපේ ශ්රී ලාංකික ක්රීඩකයින් සහ ඔවුන් නියෝජනය කරන කණ්ඩායම් දිනවීමට දිරිගන්වන්නට එක්වන්නැයි ඔබට ආරාධනා කරන අතර ක්රිකට් තරග අතරවාරයේදී පිටියට නව ජීවයක් එක් කරන Mendis & the Clans පපරේ බෑන්ඩ් කණ්ඩායමේ පපරේ සංගීත රිද්මයන් සහ නාද රටාවන් විඳීමටත් හැකියාව ලැබෙනවා.