එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැබිනට් මණ්ඩලය විසින් තීරණයක් නිකුත් කර ඇති අතර, රටේ පුද්ගලික අංශයේ එමරාතීකරණ යෝජනා ක්‍රමයේ විධිවිධාන කීපයක් සංශෝධනය කර ඇත. වාර්ෂික ඉලක්කය දැන් පළමු මාස හය තුළ 1% කින් සහ වසරේ දෙවන භාගයේ අනෙක් 1 % වශ​යෙන් බෙදා ඇත.

ෆෙඩරල් නීතියට අනු​ව 2026 අවසානය වන විට 10% දක්වා ළඟා වීමට වාර්ෂිකව 2% කින් එමරාතීකරණ අනුපාත ඉහළ නැංවීම අරමුණු කරයි. 2022 අවසානය වන විට සමාගම්වලට වෘත්තීය නිපුණතා සහිත එමරාතීවරුන් 2% ක් අවශ්‍ය විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය (MoHRE) විසින් 2022 වර් ෂයේ එමරාතීකරණ ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වූ පුද්ගලික සමාගම්වලට එරෙහිව ඩිරාම් මිලියන 400 ක දඩ මුදලක් නිකුත් කලා.

සමාගම් 9,293 ක් පමණ මේ වසර සඳහා ඔවුන්ගේ ඉලක්ක සපුරා ඇත. එමරාති ජාතිකයින් 50,000කට වැඩි පිරිසක් දැන් පුද්ගලික අංශයේ සේවය කරන අතර, ‘නෆිස්’ වැඩසටහන දියත් කිරීමෙන් පසු 28,700ක් සම්බන්ධ වී ඇත. 2022 දී පුද්ගලික අංශයේ එමරාති ජාතිකයින් සංඛ්‍යාව 70 % කින් වැඩි වී තිබෙනවා.

Share.

Comments are closed.