“අනාගත ආණ්ඩු හැඩගැස්වීම” යන තේමා​ව යටතේ 2023 ලෝක රාජ්‍ය සමුළුව පෙබරවාරි 13 සිට 15 දක්වා ඩුබායිහිදී පැවැත් වෙනවා.

මෙම සමුළුවට ජනාධිපතිවරුන්, රාජ්‍යයන්, අමාත්‍යවරුන්, නිලධාරීන්, ජාත්‍යන්තර සංවිධාන සහ සමාගම් ප්‍රධානීන්, චින්තකයින්, ගෝලීය විශේෂඥයින් සහ පෞද්ගලික අංශයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින් සහභාගී වීමට නියමිතයි.

ඩුබායි හි උප ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් සහ අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් යන ජනාධිපතිතුමන්ලාගේ ඥානවන්ත දැක්ම ලෝක රාජ්‍ය සමුළුවෙන් පිළිබිඹු වන බව තහවුරු වී ඇති බවට කැබිනට් කටයුතු පිළිබඳ අමාත්‍ය සහ ලෝක රජයේ සමුළු (WGS) සංවිධානයේ සභාපති මොහොමඩ් බින් අබ්දුල්ලා අල් ගර් ගාවි පෙන්වා දුන්නේය.

2023 ලෝක රාජ්‍ය සමුලුව​ට ඊජිප්තු අරාබි ජනරජයේ ජනාධිපති අබ්දෙල් ෆටා එල්-සිසි ඇතුළු ජනාධිපතිවරුන් 20 දෙනෙකුගේ සහභාගී වෙනු ඇත. මෙම වසරේ සමුලුව​ට අමාත්‍යවරුන් 250 කට අධික සංඛ්‍යාවක් සහ ලොව පුරා සිටින රාජ්‍ය නිලධාරීන්, චින්තකයින් සහ ගෝලීය විශේෂඥයින් 10,000 කට අධික සංඛ්‍යාවක් එක්රැස් වෙනු ඇති බව Al Gergawi පෙන්වා දුන්නා. ජාත්‍යන්තර, කලාපීය සහ රාජ්‍ය ආයතන 80කට අධික සංඛ්‍යාවක් මෙම සැසිවාර සහ සංසද සාරවත් කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

මෙම සැසිවාරය​ට, ලෝක ආර් ථික සංසදයේ නිර්මාතෘ සහ විධායක සභාපති මහාචාර්ය ක්ලවුස් ෂ්වාබ් සහභාගී වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ Kristalina Georgieva, Ngozi Okonjo-Iweala GCON, ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය Tedros Adhanom Ghebreyesus, අරාබි ලීගයේ මහලේකම් Ahmed Aboul Gheit, ඉස්ලාමීය සංවර්ධන බැංකු (ISDB) සමූහයේ සභාපති මුහම්මද් සුලෙයිමාන් අල් ජසර්, ගල්ෆ් අරාබි රාජ්‍යයන් සඳහා වූ සහයෝගිතා කවුන්සිලයේ මහලේකම් (GCC) Jasem Al-Budaiwi, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) කළමනාකාර අධ්‍යක්ෂ සහ විධායක උප සභාපති ද සහභාගී වීමට නියමිතයි. සංවිධාන වශයෙන් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය ද ඊට සහභාගී වනු ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ දේශනය ස​හ ලෝක බැංකු සභාපතිවරයාගේ දේශන ද මෙම සමුළුවේ විශේෂ දේශන අතර වෙනවා.  

එසේම, නොබෙල් ත්‍යාගලාභීන් වන ආර්ථික විද්‍යාඥ එස්තර් ඩුෆ්ලෝ සහ රසායන විද්‍යාඥ ආචාර්ය රොජර් කෝන්බර්ග් වැනි විද්‍යාඥයින් පිරිසකට මෙම සමුළුව සත්කාරකත්වය දරනවා.

න්‍යාය පත්‍රයට සැසි 220කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් වන අතර, ලොව පුරා සිටින චින්තන නායකයින්, ගෝලීය විශේෂඥයින් සහ තීරණ ගන්නන්ගෙන් 300කට වැඩි කථිකයන් පිරිසක් අදහස් බෙදාහදා ගන්නා අතර අනාගතය සඳහා අදහස් සහ උපාය මාර් ග සාකච්ඡා කරනු ඇත.

ලෝකය මුහුණ දෙන අභියෝග සඳහා නව විසඳුම් නිර් මාණය කිරීමට අදාළ ජාත්‍යන්තර සංවිධාන, තාක්ෂණික ආයතන, ප්‍රමුඛ පෙළේ සමාගම් සහ සමාජ ආයතන ගණනාවක් සමඟ එක්ව මෙම සංසද සංවිධානය කර ඇත.

ලෝක රාජ්‍ය සමුළුවේ කොටසක් ලෙස, මනුෂ්‍යත්වය සඳහා යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා ඔවුන්ගේ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් රජයේ අමාත්‍යවරුන්, පෞද්ගලික අංශයේ නියෝජිතයන්, නවෝත්පාදකයින් සහ නිර් මාණකරුවන් ඇගයීම සඳහා ගෝලීය සම්මාන 7ක් පිරිනැමීමට​ද නියමිතය.

Share.

Comments are closed.