ඊයේ දිනයේදී ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම සහ ඩෙසර්ට් වයිපර්ස් ​කන්ඩායම අතර ඩුබායි ඉන්ටර් නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම්හිදී පැවති තරග​යෙන් ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම​ට ලකුණු 19 ​ක ජයක් හිමිවූවා.

මෙහිදී කාසියේ වාසිය දිනාගත් ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම මුලින්​ම පන්ඳු රැකීම​ තෝරාගත්තා.

ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල කඩුලු 7කට ලකුණු 178 රැස්කලා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා ක​ල ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම​ පන්ඳු ඕවර 19.4 තුල සියළුදෙනාම දැවී ලබාගතහැකිවූයේ ලකුණු 159 පමණි.

මේ අනුව ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම ලකුණු 19 ​ක ජයක් වාර්ථා කලා.

ඩෙසර් ට්  වයිපර් ස් කන්ඩායම වෙනුවෙන් වනිඳු හස​රංග ලකුණු 31 රැස්කල අතර එයට හතරේ පහර 4 සහ හයේ පහර 1 ඇතුලත් වුනා. පන්ඳු යැවීමේදී ඔහු පන්ඳු ඕවර 4 ක් යවා ලකුණු 36 කට කඩුලු 3 ලබාගත්තා.


අද පැවැත්වෙන තරග​ය​

අද දින එම්. අයි. එමිරේට්ස් කන්ඩායම සහ ඩුබායි කැපිටල්ස් කන්ඩායම අතර පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරග​ය සාජා ක්‍රිකට් ස්ටේඩියම්හිදී රාත්‍රී  7.30 ට ආරම්භ වීමට නියමිතයි.

ඩුබායි කැපිටල්ස් කන්ඩායම නියෝජනය කරමින්

  • දසුන් ශානක
  • භානුක රාජපක්ෂ
  • ඉසුරු උදාන
  • නිරෝෂන් දික්වැල්ල
  • චාමික කරුණාරත්න ක්‍රීඩා කිරීමට නියමිතයි

අපේ  ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහ ඔවුන් නියෝජනය කරන කණ්ඩායම් දිනවීමට දිරිගන්වන්නට එක්වන්නැයි ඔබට ආරාධනා  කරන අතර ක්‍රිකට් තරග අතරවාරයේදී පිටියට නව ජීවයක් එක් කරන Mendis & the Clans පපරේ බෑන්ඩ් කණ්ඩායමේ පපරේ සංගීත රිද්මයන් සහ නාද රටාවන් විඳීමටත් හැකියාව ලැබෙනවා.

Share.

Comments are closed.