2027 වන විට ඩුබායි හි කුලී රථ (ඩුබායි ටැක්සි සහ පත්කල නියෝජිත සමාගම්හි කුලී රථ) 100% පරිසර හිතකාමී (Hybrid, විදුලි සහ හයිඩ්රජන් බලයෙන් ක්‍රියාත්මක වන) බවට පරිවර්තනය කිරීමේ සැලැස්මක් මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ (RTA) අධ්යක්ෂ මණ්ඩලය අනුමත කර ඇත. බලශක්ති පිළිබඳ ඩුබායි උත්තරීතර කවුන්සිලයේ අවශ්‍යතා, හරිත ආර්ථිකය, ධාවනය සහ පුළුල් පාරිසරික තිරසාරත්වය සඳහා ඩුබායි රජයේ උපාය මාර්ගික උපදෙස් වලට අනුකූලවන ලෙස මෙම සැලැස්ම ක්‍රියාත්මක වනු ඇත.
මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ විධායක අධ්යක්ෂ මණ්ඩලයේ සභාපති, අධ්යක්ෂ ජනරාල්, අතිගරු Mattar Al Tayer මහතා පැවසුවේ, “ටැක්සි රථ පරිසර හිතකාමී වාහන බවට පත් කිරීමේ සැලැස්ම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලශක්ති භාවිතය ප්රශස්ත කිරීම සහ පාරිසරික තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා එමීර් රාජ්‍යයේ උපජනාධිපති, අගමැති හා ඩුබායි පාලකයා අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ නියමයන්ට අනුකූලව සිදු කරනු ලබනවා. ඩුබායි හි කීර්ති නාමයට සරිලන ආරක්ෂිත, පිරිසිදු සහ තිරසාර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා RTA තීරණාත්මක පියවර ගෙන තිබෙනවා. හරිත වාහන හඳුන්වා දීමට සහ පිරිසිදු පරිසරයක් ප්‍රවර්ධනය කිරීමට ඩුබායි රජය දරන උත්සාහයට මෙම මුලපිරීම මගින් සහාය වෙනවා.
මෙම වැදගත් ජයග්‍රහණය බලශක්ති භාවිතය ප්රශස්ත කිරීම, තිරසාර පරිසරයක් නිර්මාණය කිරීම සහ හරිත ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රමුඛයා ලෙස ඩුබායි ස්ථානගත කිරීමේ පුළුල් ඉලක්කය සමඟ සමගාමීව සිදුකෙරෙනවා.
“පස් අවුරුදු සැලැස්ම (2023-2027) මගින් ඉලක්කගත 100% සාක්ෂාත් කර ගැනීම සඳහා වසරකට 10% ක අනුපාතයකින් වසර පහක් ඇතුළත මුළු කුලී රථ ඇණියම සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී (Hybrid, විදුලි සහ හයිඩ්රජන් බලයෙන් ක්‍රියාත්මක වන) බවට පත් කිරීම අරමුණු කරයි. මෙම සැලැස්ම 2050 වන විට පොදු ප්‍රවාහන මාධ්‍ය කාබන් විමෝචනයකින් තොර බවට පරිවර්තනය කිරීම සඳහා RTA හි මාර්ග සිතියම සමඟ සමපාත වෙනවා” Al Tayer පැහැදිලි කළේය.
“2008 දී RTA ආරම්භ කරන ලද පරිසර හිතකාමී වාහන පිළිබඳ අත්හදා බැලීම්වල ප්‍රතිඵල අනුව, කාබන් විමෝචනය, ඉන්ධන පරිභෝජනය සහ නඩත්තු වියදම් අඩු කිරීම මෙන්ම ශබ්ද මට්ටම් අඩු කිරීමේ පාරිසරික ප්රතිලාභ තහවුරු කළේය. සාමාන්‍ය වාහනවලට සාපේක්ෂව හයිබ්‍රිඩ් වාහනවල ආයු කාලයද වැඩි වන අතර දිගුකාලීනව පිරිවැය අඩුය. සාමාන්‍ය වාහන වලට සාපේක්ෂව ඒවායේ මිල, නඩත්තු ගාස්තු, ඉන්ධන වියදම්, රක්ෂණ වාරික සහ වෙනත් ආශ්රිත පිරිවැය සාමාන්‍ය 50%ක් තරම් අඩු විය හැකියි.