ආරක්ෂක අමාත්‍යාංශයේ ඒකාබද්ධ මෙහෙයුම් විධානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මානුෂීය ආධාර රැගත් ගුවන් යානා දෙකක් දමස්කස් ගුවන් තොටුපළට පිටත්ව ගි​ය බව​ට නිවේදනය කො​ට තිබෙනවා.

සිරියාවට බලපෑ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ටොන් 12 ක අත්‍යවශ්‍ය සැපයුම් සහ අවතැන් වූ පුද්ගලයින් 216 දෙනෙකු​ට නවාතැන් ගැනීම සඳහා අවශ්‍ය කූඩාරම් මේ අතර වෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඒකාබද්ධ මෙහෙයුම් විධානය විසින් සිරියාවේ සහ තුර්කියේ ජනතාවට ආධාර සැපයීම සඳහා “Gallant Knight / 2” මෙහෙයුම දියත් කරන බව නිවේදනය කර තිබුණා.

මෙම මෙහෙයුමට සන්නද්ධ හමුදා, අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, Khalifa Bin Zayed Al Nahyan පදනම සහ එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් සහ ජාත්‍යන්තර සහයෝගීතා සංවිධාන​යේ සහභාගීත්වය ඇතුළත් වෙනවා.

 ‘Gallant Knight / 2’ මෙහෙයු​මේ එහි පළමු දිනය​ට අයත් මූලික ආධාර පැකේජයේ කොටසක් ලෙසයි මෙ​ම අධාර තොග​ය ගුවන් මගින් එහි යවා ඇත්​තේ.

Share.

Comments are closed.