ජපානයේ මිට්සුබිෂි සමාගම ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. වසර 60කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ ආර් ථිකය වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් දුන් මිට්සුබිෂි සමාගම ලබන මස 31 දා සිට ලංකාවේ සිය මෙහෙයුම් අවසන් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එදිනට ඔවුන් සිය කොළඹ කාර්යාලයේ සේවා කටයුතු අවසන් කිරිමට නියමිතව තිබේ. ජපානයේ මෙන්ම ලොව පුරා කීර්තියට පත්වූ සමාගමක් වශයෙන් සැලකෙන මිට්සුබිෂි සමාගමේ මෙම තීරණය ශ්‍රී ලංකවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට සැලකිය යුතු බලපෑමක් එල්ල කරන ඇතැයි ව්‍යාපාරික වාර්තා පවසනවා.

ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් දායක්තවය දුන් සමාගමක්ද වන මිට්සුබිෂි සමාගම ශ්‍රී ලංකාවේ සිය කාර්යාලය විවෘත කළේ එය ලෝකය පුරා තම ව්‍යාපා​ර මෙහෙයුම් ආරම්භ කරන අවස්ථාවේදීම වීම කැපී පෙනෙන කරුණකි.

ශ්‍රී ලංකාව සිය විදේශීය ණය ගෙවීම අත්හිටුවීම, සෘණාත්මක අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම මෙන්ම අයහපත් ආර්ථික වටපිටාව මිට්සුබිෂි සමාගම මෙම තීරණය ගැනීට බලපෑ කරුණු අතර වෙයි.

ජපානයේ ජයිකා ආයතනය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති ගණනාවකම මිට්සුබිෂි සමාගම ප්‍රධාන හවුල්කරුවෙක් ලෙස කටයුතු කලා.

පසුගිය ගෝඨාභය රාජපක්ෂ රජය සමයේදී ජපානයේ යෝජනා මත ක්‍රියාතමක කිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවසන් කිරීම, ද්‍රවකෘත විදුලි බලාගාරය අවසන් කිරීම වැනි කරුණු හේතුවෙන් ජපානය හා ශ්‍රී ලංකාව අතර පැවැති සබඳතාවලට බලපෑමක් එල්ල කලා.

Share.

Comments are closed.