අද දින ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම සහ එම්. අයි. එමිරේට්ස් කන්ඩායම අතර පැවැත්වෙන අවසන් පූර්ව තරග​ය ඩුබායි ඉන්ටර්නැෂනල් ස්ටේඩියම්හිදී රාත්‍රී  7.30 ට ආරම්භ වීමට නියමිතයි.

ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම​ සහ එම්. අයි. එමිරේට්ස් කන්ඩායම් දෙකටම ලාංකික ක්‍රීඩකයින් සහභාගී වන්නේ නැහැ.

අද තරගයත් සමග මෙම තරගාවලියේ තවත් ඉතිරිව ඇත්තේ තරග දෙකක් පමණි. අද තරගයෙන් ජය ගන්නා පිල ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම සමඟ පෙබරවාරි 12 වෙනි දින ඩුබායි ඉන්ටර් නැෂනල් ස්ටේඩියම්හිදී පැවැත්වෙ​න අවසන් තරගයට මුහුණ දිය යුතුයි.

දැනටමත් ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති බැවින් ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායමට හා එය නියෝජනය කරන අපේ  ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දිරිගන්වන්නට හා දිනවීමට 12 වෙනි ඉරිදා දින ඩුබායි ඉන්ටර් නැෂනල් ස්ටේඩියම්හිදී Mendis & the Clans පපරේ බෑන්ඩ් කණ්ඩායම හා එක්වන්නැයි ඔබට ආරාධනා  කරනවා.

මෙම ක්‍රිකට් තරග අතරවාරයේදී පපරේ බෑන්ඩ් කණ්ඩායමේ පපරේ සංගීත රිද්මයන් සහ නාද රටාවන් අතරට ඔබේ​​ගේ ජයඝෝෂාව​ත් එක් කරලන්නට හැකි අවසන් තරගය වන්නේ මෙයයි.

Share.

Comments are closed.