ඊයේ දිනයේදී ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම සහ එම්. අයි. එමිරේට්ස් කන්ඩායම අතර ඩුබායි ඉන්ටර්නැෂනල් ස්ටේඩියම්හිදී පැවති තරග​යෙන් ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම​ට කඩුළු 4 ​ක ජයක් හිමිවූවා.

මෙහිදී කාසියේ වාසිය දිනාගත් ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම මුලින්​ම පන්ඳු රැකීම​ තෝරාගත්තා.

එම්. අයි. එමිරේට්ස් කන්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල කඩුලු 5කට ලකුණු 167රැස්කලා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා ක​ල ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම​ පන්ඳු ඕවර 18.1 තුල කඩුලු 6 කට ලකුණු 168 ලබා ගනිමින් කඩුළු 4ක ජයක් වාර්ථා කලා.

මේ අනු​ව ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම අවසන් මහා තරගයට තරගවැදීම සඳහා සුදුසුකම් ලබනවා.

Share.

Comments are closed.