ශ්‍රි ලංකාවේ 75 වන නිදහස් දිනයට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික පිරිස විසින් UAE හි සංවිධානය කරනු ලබන SRI LANKAN DAY 2023 සඳහා සියලු කටයුතු සූදානම් කර තිබෙනවා..

මෙම උත්සවය සඳහා විශේෂයෙන් ආරාධිත චන්න උපුලි නර්තන කණ්ඩායම මේ වනවිට ඩුබායි වෙත පැමීන සිටින අතර ඔවුන් විසින් ඔවුනට සුවිශේෂී වූ අපූර්ව සංස්කෘතික සංදර්ශනයක් ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටිනවා.

SRI LANKAN DAY 2023 ට සමගාමීව සිදුකරනු ලබන UAE ශ්‍රී ලංකා මිත්රත්ව පාගමන, සංගීත සංදර්ශන, ඉඩම් සහ දේපල ඇතුලු වෙළඳ කුටි, වෛද්‍ය සායන සහ රැකියා අවස්ථා සඳහා උපදේශන සේවා ඇතුලුව සමාජ සුභසාධන කටයුතු සමග තවත් සුවිශේෂී අංග රැසකින් සමන්විත වෙනවා.

මෙම වැඩසටහනෙන් ලැබෙන අරමුදලින් ශ්‍රී ලංකාව තුල තෝරාගත් සුභසාධන ව්‍යපෘතියක් ක්රියාත්මක කිරීමට ද සංවිධායක මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.

දැනුම, සතුට හා විනෝදය සියල්ල එක් කර ගිනිමින් SRI LANKAN DAY 2023 සමඟින් අත්වැල් බැද ගන්නට හෙට පෙ.ව. 10.30 ​ට ඩුබායි සබීල් පාර්ක්  වෙත පැමිණෙ​න ලෙස ඔබ සැමට​ත් ආරාධනා.

Share.

Comments are closed.