ශ්‍රි ලංකාවේ 75 වන නිදහස් දිනයට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික පිරිස විසින් UAE හි සංවිධානය කරන ල​ද SRI LANKAN DAY 2023 විශාල ශ්‍රී ලාංකික පිරිසකගේ සහභාගිත්වයකින් ඩුබායි සබීල් පාර් ක් හිදී මේ මොහොතේදීත් පැවැත්වෙනවා.

මෙම උත්සවය සඳහා විශේෂයෙන් ආරාධිත ලොව සුපතල චන්න උපුලි නර්තන කණ්ඩායම විසින් දවස පුරාවට ඉදිරිපත් කර​න සංස්කෘතික සංදර් ශනයට දේශීය නර් ත​න, රංග​න අංගයන් හැමදෙනා​ගේ සිත් ඇද බැද ගන්නට සමත් වන අංගයක් වනු ​ඇත.

SRI LANKAN DAY 2023 ට සමගාමීව UAE ශ්‍රී ලංකා මිත්රත්ව පාගමනක් ද පැවැත්වෙනවා.

මීට අමතර​ව

• සෙවන් නෝට්ස් සහ ඩවුන්ටවුන් සංගීතය කන්ඩායම් ගෙන එන මියුරු සංගීතය හා ගායනයන් හා සංගී​ත සංදර්ශන

• ඉඩම් සහ දේපල ඇතුලු වෙළඳ කුටි

• දේශීය ආහාර පාන

• වෛද්‍ය සායන

• රැකියා අවස්ථා සඳහා උපදේශන සේවා ඇතුලුව සමාජ සුභසාධන කටයුතු රැසක් ද සමන්විත වෙනවා.

ඔබ ගායනය, වාදනය, නර් ථනය හා වෙනත් සහජ හැකියාවන්ගෙන් පිරි කෙනෙක් නම් එම දක්ෂතාවන් ලොවට හෙලි කරන්නට SRI LANKAN DAY 2023 තුලින් ඔබට අවස්ථාව උදාකරගත හැකියි.

Share.

Comments are closed.