ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) ඉරිදා (පෙබරවාරි 12) ඩුබායි මැරතන් තරගය සඳහා ප්‍රධාන මාර්ගයක් වසා දමන බව නිවේදනය කර තිබෙනවා.

RTA ට අනුව, ඩුබායි එක්ස්පෝ සිටි සිට ෂෙයික් සයීඩ් බින් හම්දාන් අල් නහියන් වීදිය සහ හෙසා වීදිය දෙපස​ටම ධාවනය කිරීම අලුයම 4 සිට ක්‍රමයෙන් වසා දමනු ඇත.

මෙම මාර්ගය ක්‍රමක්‍රමයෙන් පෙරවරු 11.00 සිට රථ වාහන සඳහා නැවත විවෘත කෙරෙන අතර පස්වරු 1.00ට මාර්ගය සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනය සඳහා විවෘත කෙරෙන බව RTA පවසයි.

මෙවර ඩුබායි මැරතන් තරගය ප්‍රථම වරට ඩුබායි හි එක්ස්පෝ සිටි හිදී පැවැත්වෙන අතර  මැරතන් තරගය පෙරවරු 6 සිට පස්වරු 1 දක්වා පැවැත්වෙනවා.

ඩුබායි මැරතන් සඳහා ඩුබායි මෙට්‍රෝ වේලාසනින් විවෘත වේ

RTA ට අනුව, මැරතන් ධාවකයන්ට සහ ප්‍රේක්ෂකයින්ට පහසුකම් සැලසීමට ඩුබායි මෙට්‍රෝ මෙහෙයුම් වේලාවන් වෙනස් කොට තිබෙනවා. පෙබරවාරි 12 වන දින මෙට්‍රෝ සේවාව පෙරවරු 4 ට ආරම්භ වෙනවා.

  • ඩුබායි මැරතන්, ධාවන තර​ග තුනකින් සමන්විත වෙනවා – සම්පූර් ණ කිලෝමීටර 42.195 දුර මැරතන් තරගය අවුරුදු 18ට වැඩි ධාවකයන් සඳහා ත්
  • කිලෝමීටර් 10 මාර්ග ධාවන තර​ගය වයස අවුරුදු 15 ට වැඩි ධාවකයන් සඳහාත්
  • කිලෝමීටර් 4 විනෝද ධාවන තරගය සැමටත් විවෘතයි.

වසංගතය හේතුවෙන් වසර දෙකක නිහැඬියාවකින් පසු ඩුබායි මැරතන් මේ වසරේ නැවත ආරම්භ වෙනවා. ඉතියෝපියාවේ හිටපු ශූර Tsegaye Mekonnen Asefa ඇතුළු ජනප්‍රිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගයට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Share.

Comments are closed.