අබුඩාබි හි Al Reem Island, Umm Yifenah Island සහ Sheikh Zayed bin Sultan Street සම්බන්ධ කරමින් කිලෝමීටර් 11 දිග නව සුපිරි අධිවේගී මාර්ගයක් අබුඩාබි හි විවෘත කරනු ලැබුවා.
අබුඩාබි විධායක සභාවේ සාමාජික සහ අබුඩාබි විධායක කාර්යාලයේ සභාපති Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan විසින් අබුඩාබි හි Umm Yifenah පාලම විවෘත කරන ලදී.
එය දූපත් දෙක සහ නගරයේ ප්‍රධාන මාර්ග වලින් එකක් වන Sheikh Zayed Bin Sultan Street අතර වේගවත් සම්බන්ධතාවක් ඇති කිරීමට සමත් වෙනවා.
ගමනාගමනය අවම කිරීම සඳහා සකස් කර ඇති ව්‍යාපෘතියට ඇවිදීමට සහ බයිසිකල් පැදීමේ මාර්ග සහ බයිසිකල් කුලියට දීමේ පහසුකම්, තිරසාර ගමනාගමනය සහ ප්‍රජාවට ක්‍රියාශීලී හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලබා දීම ද ඇතුළත් ය.
මහ නගර ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඇල්ඩාර් සමාගම විසින් ඉදිකරන ලද මංතීරු හයක අධිවේගී මාර්ගයට සෑම දිශාවකටම පැයකට ගමන් වාර 6,000 ක් සඳහා පහසුකම් සැලසිය හැකිය.