කිලෝමීටර් 42.195 ක් වූ 2023 ඩුබායි මැරතන් තරගයේ පිරිමි ඉසව්වේ ජය ඉතියෝපියාවේ Andosa Tola Adera දිනාගත් අතර කාන්තා ඉසව්වේ ජය ඉතියෝපියාවේ Dera Dida Yami විසින් දිනාගනු ලැබුවා.

Tola Adera පැය 2 යි මිනිත්තු 05.42 ක කාල​යකින් තරගය නිමා කළා.

Dida Yami පැය 2 යි මිනිත්තු 21.11 ක කාල​යකින් තරගය නිමා කළා.

Tola Adera සහ Dida Yami ඥාතීන් වන අතර මෙය පවුලේ ජයග්‍රහණයක් බවට පත් කරගෙන තිබීම විශේෂ සිද්ධියකි.

“මම මෙම තරඟය සඳහා හොඳින් සූදානම් වූ අතර එය මට ජයග්‍රහණය කිරීමට උපකාරී විය, පරිසරය උෂ්ණාධික සහ තෙත් වූ නමුත් මම මේ සඳහා සූදානම්ව සිටි අතර ඉතිරිය දෙවියන් වහන්සේට භාර කළෙමි” Tola Adera පැවසුවා.

මෑතකදී පිරිමි ළමයෙකු බිහි කළ Dida Yami, ඩුබායි වෙත පැමිණීමට හැකි වන පරිදි ඉතියෝපියාවේදී ඔහුව රැකබලා ගැනීම ගැන ඇගේ පවුලේ සාමාජිකයින්ට ස්තූතිවන්ත වූවා.

“එය අපූරු තරඟයක්, ඉතා තරඟකාරී, නමුත් මම ජයග්‍රහණය සඳහා කළ යුතු දේ කළා. එය ඉතා උපායශීලී තරඟයක්, නමුත් මම මෙහි පැමිණියේ ජයග්‍රහණය කිරීමටයි, දෙවියන් වහන්සේ මට උදව් කළා. මට ජයග්‍රහණය කළ හැකි බව මට දැඩි විශ්වාසයක් තිබූ අතර මෙම ධනාත්මක ආකල්පය මට උපකාරී වුණා” ඇය පැවසුවාය.

Share.

Comments are closed.