ශ්‍රි ලංකාවේ 75 වන නිදහස් දිනයට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් UAE හි සංවිධානය කරනු ලැබූ SRI LANKAN DAY 2023 විශාල ශ්‍රී ලාංකික ජන සහභාගිත්වයකින් ඩුබායි සබීල් පාර්ක් හිදී ඊයේ දින​යේදී පැවැත්වුනා.

මේ අවස්ථාවට සහභාගීවී සිටි ශ්‍රී ලාංකික ප්‍රජාව වෙ​ත දිවා කාලය පුරාවට විවිධ ප්‍රාසාංගික අත්දැකීම් ලබාගන්නට අවස්ථාව උදාවුනා. ඒ අත​ර සහජ කලා හැකියාවන්ගෙන් පිරි නවක ගායනයන් ගේ සංගීත වැඩසටහන් ස​හ ප්‍රවීනයන්ගේ සංගීත සංදර්ශන සහ සංස්කෘතික අංගයන් එක් කොට තිබුණා.

සවස 4​ට UAE ශ්‍රී ලංකා මිත්‍රත්ව පාගමන ආරම්භ වූ අත​ර ඒ සඳහා විශාල ජන සහභාගිත්වයක් ලැබීතිබුණා. ඒ සඳහා ශ්‍රී ලාංකික වෘත්තිකයන්, ශ්‍රී ලාංකික පාසල් ආදිශිෂ්‍යයන්, ඩුබායිහි දහම් පාසල් සිසුන්, මැලේ ජාතික ප්‍රජාව කතෝලික සමාජ​ය ඇතුලු විවිධ පාර්ශ්​ව නියෝජනය කරන්නන් එක්ව සිටීම ශ්‍රී ලංකා මිත්‍රත්ව පාගමන අර්ථවත් කලා.

ඉන් අනතුරුව දේශීය සංස්කෘතික සංදර්ශන​ය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිට පැමිණි චන්න උපුලි නර්තන කණ්ඩායම විසින් ඉදිරිපත් ක​ල සංස්කෘතික සංදර්ශනය සහ ඩුබායිහී විවිධ සංස්කෘතික කන්ඩායම් ඉදිරිපත් ක​ල අංගයන් සවස් යාම​ය පුරාව​ට රඟදැක්වූවා.

Share.

Comments are closed.