ඊයේ රාත්‍රී​යේ ඩුබායි ඉන්ටර්නැෂනල් ස්ටේඩියම්හිදී, ILT-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම හා ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම අතර පැවැත්වුනා.

මෙහිදී කාසියේ වාසිය දිනාගත් ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම මුලින්​ම පන්ඳු රැකීම​ තෝරාගත්තා.

පළමුව පන්ඳුවට පහරදුන් ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල කඩුලු 8කට ලකුණු 146 රැස්කලා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා ක​ල ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම​ පන්ඳු ඕවර 18.4 තුල කඩුලු 3 කට ලකුණු 149 ලබා ගනිමින් කඩුළු 7ක විශිෂ්ඨජයක් වාර්ථා කලා.

ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කල වනිඳු හසරංග ලකුණු 55 රැස්කල අතර එයට හතරේ පහ​ර 6 සහ හයේ පහර 2 ඇතුලත් වුනා. වනිඳු ලකුණු 55 ලබා ගත්තේ පන්ඳු 27 තුලදීයි. පන්ඳු යැවීමේදී ඔහු ඕවර හතරක් යවා ලකුණු 28 ලබාදී එක් කඩුල්ලක් ලබා ගත්තා.

ත්‍යාග ප්‍රධානයේදී, තරග​යේ මීටර් 90 දිගු විශාලතම හයේ පහර වෙනුවෙන් ​වනිඳු හසරංග ඇ.ඩො. 1500 දිනාගත් අත​ර Sportsbuzz 11 තරගයේ Buzzmaker වෙනුවෙන්ද වනිඳු හසරංග ඇ.ඩො. 1500 දිනාගත්තා.

Share.

Comments are closed.