2020 අංක 5 දරන නීතියට අනුව, මාර්ග ආලෝක සංඥාවක් නොතකා ධාවනය සඳහා වැරදිකරුවන්ට ඩිරාම් 1,000 ​ක දඩයක් සහ රථවාහන කළු ලකුණු (traffic black points) 12 ක් ලබා දෙනු ලැබේ. මෝටර් රථ රියදුරුගේ රියදුරු බලපත්‍රය ද මාස 6 කට අත්හිටුවීමට නියමිතය. මීට අමතරව, වාහනය දින 30කට රාජසන්තක කරනු ලබන අතර, වාහනය රාජසන්තක කිරීමෙන් නිදහස් කිරීමට ඩිරාම් 50,000ක් ගෙවිය යුතුය. අත්අඩංගුවට ගත් වාහනය මාස තුනක් ඇතුළත නිදහස් නොකළහොත් එය වෙන්දේසි කෙරේ.

2021 වසරේ අබුඩාබි එමීර් රාජ්‍යයේ රථවාහන මාර්ග ආලෝක සංඥා නොතකා ධාවනය හේතුවෙන් රියදුරන් 2,850 දෙනෙකුට දඩ නියම කර ඇති බව පොලිසිය ප්‍රකාශ කලා.

මෝටර් රථ රියදුරන් මාර්ග ආලෝක සංඥා නොතකා ධාවනයේදී සිදුවන බරපතල අනතුරු පෙන්නුම් කරන වීඩියෝ ක්ලිප් පොලිසිය විසින් මෑතකදී සිය සමාජ මාධ්‍ය වේදිකාවල බෙදා හැ​ර තිබුණා.

එක් බරපතල සිදුවීමක දී, Four Wheel රථයක් අබුඩාබියේ මාර්ග ආලෝක සංඥා නොතකා ධාවනය කිරීමේදී, මංසන්ධිය පසුකර යන තවත් ​සේඩාන් රථයක ගැටෙන අයුරු දක්නට ලැබේ. ගැටුමෙන් සෙඩාන් රථයට විශාල හානියක් සිදු වේ.

තවත් සිදුවීමක දී, රතු ආලෝක සංඥා වැටීමට ආසන්න මොහොත​ක මංසන්ධිය හරහා වේගයෙන් ධාවනය කරන සුදු සෙඩාන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවේ මාර්ග සංඥාව අසල නතර කර තිබූ මෝටර් රථයක ගැටේ.

Share.

Comments are closed.