Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Dewa»DEWA, ඩුබායි මහ නගර සභා​වේ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ගිවිසුම් ගත වෙයි.
Dewa

DEWA, ඩුබායි මහ නගර සභා​වේ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ගිවිසුම් ගත වෙයි.

Stanly KularathnaBy Stanly KularathnaFebruary 15, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලොව විශාලතම හා වඩාත්ම කාර්යක්ෂම ඩුබායි අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයෙන් (DWMC) වසර 35 ක් බලශක්ති​ය මිලදී ගැනීමේ ගිවිසුමකට (PPP) බලශක්ති මධ්‍යස්ථානය අත්සන් තැබීය. DEWA සහ ඩුබායි මහ නගර සභාව අතර නව ගිවිසුමේ අරමුණ වන්නේ පිරිසිදු හා තිරසාර බලශක්ති ක්ෂේත්‍රයේ ඩුබායි රජයේ මඟ පෙන්වීම්වලට සහාය වීම, තිරසාරභාවය සහ ඉලක්කගත ආර්ථිකයක් වෙනුවෙන් සේවය කිරීම මෙන්ම දෙපාර්ශ්වය අතර සහයෝගීතාව ඉහළ නැංවීමයි.

ඩුබායි හි පැවති 2023 ලෝක රාජ්‍ය සමුළුව අතරතුර මෙම ගිවිසුම අත්සන් කර ඇත. ඩුබායි බලශක්ති පිළිබඳ උත්තරීතර කවුන්සිලයේ (DSCE) සභාපති ​අති ගරු ෂෙයික් අහමඩ් බින් සයීඩ් අල් මක්ටූම්, ඩුබායි විධායක කවුන්සිලයේ මහලේකම් ​අති ගරු අබ්දුල්ලා අල් බස්ති, DSCE හි උප සභාපති අති ගරු සයීඩ් මොහොමඩ් අල් ටයර් , ඩුබායි විදුලිබල හා ජල අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සහ ඩුබායි මහ නගර සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අති ගරු Dawoud Al Hajri,  DEWA සහ ඩුබායි මහ නගර සභාවේ නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

අති ගරු Al Tayer පැවසුවේ, “මෙම ගිවිසුම 2023 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘තිරසර වසර’ ලෙස ප්‍රකාශයට පත් කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් විසින් කරන ලද නිවේදනයට අනුකූල වෙනවා. 2023 සඳහා රජයේ ප්‍රමුඛතා 5ක් අතර ‘පරිසරය සහ එහි තිරසාරභාවය’ ප්‍රකාශයට පත් කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැති සහ ඩුබායි හි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ නිවේදනයට ද මෙය අනුකූ​ල වෙනවා.”

“මෙම ගිවිසුම හරිත ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සහ 2030 වන විට ඩුබායි හි බලශක්තියෙන් 25% ක් සහ 2050 වන විට 100% ක් පිරිසිදු ප්‍රභවයන්ගෙන් සැපයීම අරමුණු කරගත් ඩුබායි පිරිසිදු බලශක්ති උපාය මාර්ග 2050 හි අරමුණු සාක්ෂාත් කර ගැනීමේ අපගේ උත්සාහයේ කොටසකි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තිරසාර සංවර්ධන ඉලක්කවලට අනුකූලව අපද්‍රව්‍ය පිරිපහදු කිරීමේ සහ අපද්‍රව්‍ය-බලශක්ති තාක්ෂණය ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන සන්ධිස්ථානයක් වන මෙම අද්විතීය ව්‍යාපෘතිය සංවර්ධනය කිරීමට DSCE සහ DEWA ඩුබායි මහ නගර සභාව සමඟ කටයුතු කරනවා.”

“අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කර නිෂ්පාදන හා බලශක්ති බවට පරිවර්තනය කිරීමෙන් තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට ඩුබායි එමිරේට් දරන උත්සාහය පිළිබිඹු කරන DWMC වෙතින් නිපදවන බලශක්තිය විකිණීමට DEWA සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අග්‍රාමාත්‍ය සහ ඩුබායි පාලකයා වන අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ දැක්මේ ප්‍රතිමූර්තියක් ලෙස, ඉලක්ක ග​ත ආර්ථික​ය ගොඩනැගී​මේ ක්‍රියාවට නැංවීම සඳහා එය භාවිතා කළ හැකිය.”

අති ගරු Al Hajri වැඩිදුරටත් පැවසුවේ, “ඩුබායි මහ නගර සභාව, ඩුබායි එමිරේට්ස් හි වත්මන් සහ අනාගත අභිලාෂයන් සහ අවශ්‍යතා සපුරාලන සිය සේවා මට්ටම ඉහළ නැංවීමට දායක වන අයුරින් විවිධ ආයතන සහ හවුල්කරුවන් සමඟ සිය උපායමාර්ගික සබඳතා සහ හවුල්කාරිත්වයන් වර්ධනය කර ගැනීමට උනන්දු වෙනවා. විශේෂයෙන්ම පිරිසිදු බලශක්ති ක්ෂේත්‍රය මුල් තැනක් ගන්නවා.”

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article71 වැනි ලෝක රූ රැජින තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී
Next Article ශිහාන් මිහිරංග, කාංචනා අනුරාධි සහභාගීව​න LOVE & LIGHT ප්‍රසංගයට ඇත්තේ තවත් දින 3 පමණයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.