ඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා දෙදහසක් මේ වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමටත්, සාත්තු සේවිකාවන්ට එහිදී ප්‍රමුඛතාවය ලබාදීමටත්, මෙරටට පැමිණ සිටින විශේෂ නියෝජිත කණ්ඩායම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී තිබේ.

ඊශ්‍රායලයේ සාත්තු සේවක අංශයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදෙන ලෙසට මනුෂ නානායක්කාර අමාත්‍යවරයා, ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණික ආයතනයේ අධ්‍යක්ෂ Shiely Haisin Sason, දූත මණ්ඩල සාමාජික Zindani Mary, Yaccow Kabilau, Margarita Gaorodnitsky ඇතුළු ඊශ්‍රායල නියෝජිත පිරිසෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව මෙම වසරේදී පමණක් සාත්තු සේවිකාවන් දෙදහසක් බදවා ගැනීමට මෙලෙස එකගතාවය පළ කලා.

ඊශ්‍රායලයේ පවතින සංස්කෘතිය අනුව රෝගී සත්කාර සදහා වැඩි අවස්ථාවක් පවතින්නේ කාන්තාවන්ට බවද, පිරිමි සාත්තු සේවකයින් සදහා පවන්නේ ඉතාමත් සීමිත අවස්ථාවන් ප්‍රමාණයක් බවද නියෝජිත කණ්ඩායම පෙන්වා දුන්නා. ඒ අනුව ඉදිරියේදී සාත්තු සේවක පුහුණුව ලබාදීමේදී කාන්තාවන්ට පමණක් ප්‍රමුඛතාවය ලබාදෙන ලෙසද එම නියෝජිත කණ්ඩායම ඉල්ලා සිටියා.

Share.

Comments are closed.