2023 ලෝක රාජ්‍ය සමුළුවේදී “Bee Café” අවධානයට ලක්වූයේ UAE හි උප ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලකයා වන අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් සමුළුවේදී එ​ම වෙළඳසැල අසල නතර වූ ඔවුන් සමග සුහද පළිසඳරේ යෙදුන අවස්ථාවේදීය.

2019 දී දියත් කරන ලද “Bee Café”, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සම්පූර්ණයෙන්ම ආභාධි​ත පුද්ගලයින් විසින් පවත්වාගෙන යන පළමු ආපන ශාලාව වේ. 2021 දී, “Bee Café” සිය පළමු බාහිර ශාඛාව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ – අබුඩාබි මූලස්ථානයේ විවෘත කලා.

2004 දී අබුඩාබි හි ආරම්භ කරන ලද ලාභ නොලබන රාජ්‍ය සංවිධානයක් වන Zayed Higher Organisation for People of Determination සංවිධානය විසින් මෙහෙයවනු ලබන “Bee Café” ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආභාධි​ත පුද්ගලයින්​ගේ රැකියා වැඩි කිරීම අරමුණු කරගත් “Bee the Change” ව්‍යාපාරයේ කොටසකි.

ආර් ථිකයට සහ සමාජයට සමාන දායකයින් බවට පත් විය හැකි පරිදි ජීවිතයේ සෑම අංශයකටම ආභාධි​ත පුද්ගලයින් ඒකාබද්ධ කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකත්වයේ කැපවීම අද්විතීය කෝපි හලෙන් පිළිබිඹු වේ.

විශේෂිත කෝපි සහ ආහාර පිළියෙළ කිරීම, ආගන්තුක සත්කාර සහ සේවා සැපයී​ම පිළිබඳව මෙන්ම සනීපාරක්ෂාව, විෂබීජහරණය සහ ප්‍රථමාධාර පිළිබඳ මූලික කරුණු සම්බන්ධයෙන් මාස හයක පුහුණු වැඩසටහනක් සම්පූර්ණ න කොට ඇති එමිරාති කාර්ය මණ්ඩලයක් මෙම ආයතනය විසින් සේවයේ යොදවයි.

ආභාධි​ත පුද්ගලයින් විසින් පිළියෙළ කරන ලද කැපුචිනෝ, ලා​ටේ සහ විශේෂිත කෝපි විකල්ප රාශියක් මෙන්ම විවිධ සෞඛ්‍ය සම්පන්න ආහාර වර් ග ද මී කැෆේ විසින් පිරිනමනු ලබනවා. “I Can Bake” ව්‍යාපෘතිය පිටුපස සිටින ව්‍යවසායකයා වන Ali Al Za’abi විසින් සාදන ලද වීගන් කුකීස්ද මේ අතර වෙනවා. ක්ෂේත්‍ර කිහිපයක් හරහා සමාජයට අධිෂ්ඨානශීලී ආභාධ සහිත පුද්ගලයින්ගේ දායකත්වය පිළිබඳව දැනුවත් කිරීමේ අවකාශයක් ලෙස කැෆේ සේවය සලසයි.

Share.

Comments are closed.