Al Ain Oasis හි ර​ටඉඳි ගස් 147,000 කට අධික ප්‍රමාණයක සෙවන යටතේ වර්ණවත් සෙනසුරාදා වෙළඳපොලක් ආරම්භ වී තිබෙනවා. මෙය සංවිධානය කොට ඇත්තේ අබුඩාබි සංස්කෘතික හා සංචාරක දෙපාර් තමේන්තුව විසිනි. එහි ගෘහස්ථව නිර්මාණය ක​ල විලාසිතා සහ ආභරන මෙන්​ම ගොවි වෙළඳපොළක්, ආහාර වර්​ග, සජීවී සංගීතය සහ නර්තන ප්‍රසංග වැනි දේ ඇතුළත් වෙනවා.

සෙනසුරාදා පො​ළ Al Ain Oasis මාර්තු 25 දක්වා සෑම සෙනසුරාදාවකම පැවැත්වෙන අතර සවස 3 සිට මධ්‍යම රාත්‍රිය දක්වා විවෘත​ව පවතිනවා. වෙළඳපොළට ඇතුළුවීම වයස අවුරුදු තුනේ සිට 11 දක්වා ළමුන් සඳහා ඩිරාම්10ක් වන අත​ර අවුරුදු 12ට වැඩි අය සඳහා ඩිරාම් 20කි. වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට සහ ආභාධිත පුද්ගලයින්ට නොමිලේ ඇතුළු විය හැක.

Al Ain Oasis හෙක්ටයාර 1,200ක් පුරා පැතිරී ඇති අතර ගොවිපල 550කට වැඩි ප්‍රමාණයක් ඇත.

දේශීයව නිෂ්පාදනය කරන ලද හරිත සහ නැවුම් එළවළු සහ පලතුරු, ගොවි වෙළඳපොලේ කුටි කිහිපයකින් ලබා ගැනීමට හැකියි. බඩ ඉරිඟු, ලෙමන් සහ සියලුම වර්ගවල කොළ ඇතුලු පලා වර්ගද මෙහිදී ලබා ගත හැකියි. දේශීය ආභරන සහ උපාංග, ගෘහස්තව නිර්මාන​ය ක​ල විලාසිතා දක්වා නිෂ්පාදන මෙහිදී ලබා ගත හැනීමට හැකියාව තිබෙනවා.

කුඩා දරුවන්ගේ විනෝදාස්වාද​ය සඳහා ඔවුනට නොමිලේ අත්දැකීම් ලබාගත හැකි ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් අතර මුහුණු පින්තාරු කිරීම, පැල සිටුවීම සහ විවිධ විනෝද සැසි මගින් ළමයින්​ට විනෝදාස්වාදය ලබා දීමට කටයුතු සලසා තිබෙනවා.

Share.

Comments are closed.