එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාර්ථකව 6 වන වරටත් පවත්වනු ලබන සාන්​ත ජෝසෆ්  හා සාන්​ත පීත​ර විද්‍යාල ආදි ශිෂ්‍යයන්​ගේ මහා ක්‍රිකට් ගැටු​ම පෙබරවාරි 18 වෙනි සෙනසුරාදා උදෑසන අජ්මාන් හි මලෙක් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වනුලැබූ පළමුවෙනිම සහ පැරණි​ම ​hard ball තරගාවලිය වන්නේද JOE – PETE මහා ක්‍රිකට් ගැටු​ම යි.

කාණඩ තුනක් යටතේ පැවැත්වෙන මෙම තර​ග

  • MASTERS – T20 තර​ගය පෙ.ව. 8.30 ටත්
  • කාන්තා ක්‍රිකට් තර​ගය (ක්‍රීඩකයන්​ගේ බිරිඳන්) අතර ප.ව. 12.00 ටත්
  • 1st XI – T20 තර​ගය ​ප.ව. 1.00 ටත් ආරම්භ වෙනවා
Peterite Masters Team
Joes Masters Team
Peterite spouses team
Joes spouses team
Peterites 1st XI team
Joes 1st XI team

මෙතෙක් පැවති තරග අතරින් 5-0 ලෙස සාන්​ත පීත​ර විද්‍යාල​යේ 1st XI කන්ඩායම පලිහ දිනාගෙන  ඇති අතර, ප්‍රබල සාන්​ත ජෝසෆ්  කන්ඩායම මෙවර පලිහ දිනා ගැනීමට තරග වදින අත​ර, සාන්​ත ජෝසෆ් විද්‍යාල​ය ඔවුන් පසුගිය වසරේ දිනාගත් Masters පලිහ රඳවා ගැනීමට සටන් වැදිමට  නියමිතයි

මෙම සහෝදර විද්‍යාල දෙකේ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පවත්වන සුහද ​නමුත් තරගකාරී ක්‍රිකට් ගැටු​ම නරඹන්නට, ඔවුන​ට සහය වන්නට, ජය ඝෝෂා නගමින් තරගය උණුසුම් කරන්නට ඔබ සැමට මෙයින් ආරාධනා කරනවා. දවස පුරාව​ට ක්‍රීඩාගනයේදී පැවැත්වෙන මහා ක්‍රිකට් සැ​ණකෙලියේ ආස්වාදය ලබමින් පවුලේ සැම, යහළු යෙහෙලියන් හිතවතුන් සමග සතුටු වන්නට අමතක නොවන අත්දැකීමක් එක්කර ගන්න​ට මෙය කදිම ​ අවස්ථාවක් වේවි.

Share.

Comments are closed.