තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට අධාර කිරීම සඳහා ඩිරාම් 15,649,140 ක විශාල මුදලක් පරිත්‍යාග කර ඇති බව පැය තුනක ටෙලිතොන් ප්‍රවර්ධන වැඩසටහනකින් හෙලි වී තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘Bridges of Goodness’ වැඩසටහනේ කොටසක් ලෙස, සාජා විකාශන අධිකාරිය (SBA) සමඟ සහයෝගීව The Big Heart Foundation (TBHF) සහ Sharjah Charity International (SCI) විසින් මෙම අරමුදල් රැස්කිරීම සංවිධානය කරන ලදී. කඩිනම් සහනාධාර සැපයීමට මෙන්ම තිරසාර සංවර්ධන ව්‍යාපෘති සඳහා සහය දැක්වීමට මෙම අරමුදල් යොදා ගැනෙනවා.
මෙම උත්සවය සාජා හි අධිපතිවරයාගේ භාර්යාව සහ TBHF හි සභාපති Sheikha Jawaher bint Mohammed Al Qasimi ගේ මඟපෙන්වීම යටතේ පවත්වන ලදී. මෙම අරමුදල් ක්ෂණික සහන ආධාර සැපයීමට මෙන්ම නිවාස, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය ඇතුළු තිරසාර සංවර්ධන ව්‍යාපෘති සඳහා සහය වීමට යොදා ගැනෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යාංශය සහ තුර්කියේ සහ සිරියාවේ දේශීයව ක්‍රියාත්මක වන විශ්වාසනීය මානුෂීය සංවිධාන සමඟ සහයෝගයෙන් ප්‍රකෘතිමත් වීම වේගවත් කිරීම සඳහා ද මුදල් යොදවනු ඇත.
TBHF ප්‍රකාශ කළේ අරමුදල් රැස්කිරීමේ ව්‍යාපාරය ඉදිරි දිනවලදී දිගටම ක්‍රියාත්මකව පවතින බවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ලොව පුරා සිටින පරිත්‍යාගශීලීන්ට, දුරකථන අංක +971505350152 හෝ 80014 ඇමතීමෙන් ද, TBHF හි නිල වෙබ් අඩවිය වන www.tbhf.ae , Sharjah Charity International හි වෙබ් අඩවිය වන https://shjc.sharjah.ae නැතහොත් විකල්ප වශයෙන් TBHF හෝ SCI හි ප්‍රධාන කාර් යාල වෙත පැමිණීමෙන් ඔවුන්ගේ පරිත්‍යාග කිරීමට හැකියාව තිබෙනවා.
ප්‍රවර්ධන වැඩසටහන අතරතුර, සාජා පුණ්‍යායතනයේ සභාපති Sheikh Saqr bin Mohammed bin Khalid Al Qasimi පැවසුවේ සිරියාව සහ තුර් කිය සඳහා දැනට ක්‍රියාත්මක සහන ව්‍යාපාරය සාජා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ථාපිත මානුෂීය ප්රයත්නයන්ට අනුකූල වන බවයි.
මෑත කාලීන භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට අත්‍යවශ්‍ය ආධාර සැපයීම සඳහා මෙම ව්‍යාපාරය කැපවී සිටින බව ඔහු අවධාරණය කළ අතර, ස්වේච්ඡා සේවකයන්ගේ සහ පරිත්‍යාගශීලීන්ගේ උද්යෝගිමත් ප්‍රතිචාරය සඳහා අවංක ප්‍රසාදය පළ කළ අතර, මෙම අරමුදල් රැස් වීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාජය තුළ ගැඹුරින් මුල් බැස ඇති කරුණාව මුල් කරගත් මානව හිතවාදී සංස්කෘතියට සාක්ෂියක් ලෙස තමා දකින බව එතුමා ප්‍රකාශ කළේය.