අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ එක්සත් අරාබි එමීර් ශාකාවේ වාර්ෂික මහා සභා රැස්වීම පසුගිය සෙනසුරාදා Novotel Al Barsha හිදී පැවැත්විය. ඒ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ධර්මාශෝක විද්‍යාලයේම කීර්තිමත් ආදී සිසුවෙකුවු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ගරු උදය ඉන්ද්‍රරතන මැතිතුමා සහභාගි වීම ⁣විශේෂත්වයක් විය.

එහිදී 2023 වර්ෂයේ නව සභාපති වශයෙන් බුද්ධික රසාංජන මහතා තේරීපත්වූ අතර මේ අවස්ථාව සදහා සංගමයේ නිර්මාතෘ ඉද්‍රලාල් ද සිල්වා මහතා සහ හිටපු සභාපතිවරුන් වන දුමින්ද සමරතුංග, කනිෂ්ක ප්‍රියන්ත, රංජන් දොමිනිගේ යන මහත්වරුන් සහ සංගමයේ විශාල සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගි විය.

2017 වස​රේදී ආරම්භ කරන ලද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ධර්මාශෝක මහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගම​ය, දැනට ආදිශිෂ්‍යයන් සිය ගණනකින් සමන්විත වෙනවා. ආරම්භ​යේ සිට, එහි උපරිම ශක්තිය සහ එහි සාමාජිකයින්ගේ අද්විතීය කුසලතා උපයෝගිත්වයෙන්, ආදි ශිෂ්‍ය සංගමය​ට ඉහල ක්‍රියාකාරිත්වයක් හා සාමාජික සංඛ්‍යාවක් එක් කොටගෙන තිබෙනවා.

ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශිත දැක්ම​ට අනුකූලව යමින් අවශ්‍ය හැම විටෙක එකිනෙකාට ප​රෝපකාරී වෙමින් විශාල සමාජ මෙහෙවරක යෙදීමට පසුගිය වසර කීපය පුරාවටම හැකිවී තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ධර්මාශෝක මහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගම විසින් 2022 දී සංවිධානය කරන ලද ප්‍රධාන ක්‍රියාකාරකම් අතර:

  • පාසලේ වාර්ෂික මහා තරග සිහිවටනය​ට සහ එක්දින තරගයේ සජීවී විකාශනය​ට අනුග්‍රහය දැක්වී​ම
  • ශ්‍රී ලාංකික රෝගීන්ට අවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීම සඳහා දායක වීම
  • පාසලේ Gavel සමාජයට දක්වන අඛණ්ඩ සහාය
  • ප්‍රාදේශීය ඉංග්‍රීසි නාට්‍ය තරග සඳහා සූදානම් වී​මේ වැඩමුළු​ව​ට අනුග්‍රහය දැක්වී​ම
  • පාසල් කැරම් කණ්ඩායම සඳහා අනුග්‍රහය
  • උසස් පෙළ සිසුන් සඳහා උපකාර​ක සම්මන්ත්‍රණයක් පැවැත්වීම සඳහා අනුග්‍රහය සහ සංවිධාන ශක්ති​ය ලබා දීම
  • පාසල් පුස්තකාලයට අවශ්‍ය පොත් 400කට අධික ප්‍රමාණයක් ​පරිත්‍යාග කිරීම
  • DCPPA සාමාජිකයින් සඳහා UAE හි වාර්ෂික පිංකම සංවිධාන​ය කිරී​ම
  • DCPPA සාමාජිකයින් සඳහා UAE හි සිංහල / හින්දු අලුත් අවුරුදු උත්සවය සංවිධාන​ය කිරී​ම ද වෙනවා
Share.

Comments are closed.