ඩුබායිහි ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේ සංවිධානයෙන් පැවැත්වෙන සම්බුද්ධ වන්දනාව සහ ධර්ම දේශනා පුණ්‍යකර් ම​ය පෙබරවාරි මස 25 වන සෙනසුරාදා සවස 7:00 සිට 9:00 දක්වා ඩුබායි ලී මැරිඩියන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

මෙය සංවිධානය කරණු ලබන්​නේ

තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය සහ ඩුබායි ලංකාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය්‍ය, අභිධර්ම විශාරද කතිකාචාර්ය අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේගේ

මගපෙන්වී​ම සමගින්

යක්කල, අලුත්ගම බෝගමුව බෝධිග්‍රාම භාවනා මධ්‍යස්ථානාධිපති, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමල්වත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය්‍ය, ශාස්ත්‍රවේදී අතිපූජනීය කොරතොට වෙස්සභූ ස්වාමීන් වහන්සේගේ සහ ශ්‍රී ලංකාරාමවාසී ස්වාමින් වහන්සේලාගේ

සහභාගීත්වයෙනි.

මෙම උතුම් පුණ්‍ය කර් මයට සහභාගී වී තිවිධ රත්නයේ ආශීර්වාදය ලබාගන්නා ලෙස මෙත් සිතින් ඔබට ආරාධනා කරමු.

වැඩි විස්තර සඳහා 050 635 1474 / 056 329 5247

Share.

Comments are closed.