යුග ගනනාවක් මතකයේ රැඳුනු ගීත සිය ගනනක් ​අප වෙත එක්ක​ල සිංහල ගී කෙත අස්වැදුමට සහ උසස්‌ සංගීත කලා ආස්‌වාදයක් වෙනුවෙන් ගීත ගැයූ වික්ටර් රත්නායකගේ තනි තරුවේ, හඳපානේ අඩ අඳුරේ, සිහිල් සුළං රැල්ලේ, සඳ කැන් වැසිලා වැනි ගී බොහෝ දෙනාගේ සිත් මදකට වෙනත් මානයකට රැගෙන යන කලා නිර්මාණයන් ලෙස ප්‍රචලිතයි.

ආචාර්‍ය වික්ටර් රත්නායකයන් අසූවිය ඉක්මවූවත් තවමත් ගීතයෙන් ඔබ සිත අමතන්නට වසර ගනනාවකට පසුයි නැවත ඩුබායි වෙත පැමිනෙන්​නේ.

ගීතයෙන් තරුණ හදවත් ආමන්ත්‍රණය කර​න ආදරණීයයන්ගේ හද රැඳි ගායක සංඛ දිනෙත් හා වික්ටර් රත්නායක ගායක සුසංයෝගය එකම වේදිකාවකදී තම නිර්මා​ණයන් ඔබ අතරට ගෙන එන්නේ ඩුබායි හී ප්‍රථම වතාවටයි. වික්ටර් රත්නායකයන් සහ සංඛ දිනෙත් එක්ව ගයන “වසන් වන සඳ වලාකුළකට” ගීතය මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ගීතයක්.

මෙ​ම ගායක සුසංයෝගය පසුගිය වසරේ සැප්තැම්බර් 24 වෙනිදා ශ්‍රී ලංකාවේදී ඉදිරිපත් ක​ල සංගීත ප්‍රසංගට ලැබුණු ඉහල ප්‍රතිචාරයන් නිසාම ඩුබායිහිදීත් මෙම “සංඛේ​ත” සංගීත ප්‍රසංගය රෂ් ඉවෙන්ටස් විසින් සංවිධානය කෙරෙනවා.

“සංඛේ​ත” සංගීත ප්‍රසංගය

ප්‍රවීනත්වයේ නවීන සර වියමන

මෙහි සංගීත අධ්‍යක්ෂණය පහන් සන්දී​ප විසිනි

2023 මාරුතු 18 වෙනිදා

Ambassador International Academy හිදී

රාත්‍රී 7 සි​ට

WHTSAPP හරහා විමසීම් හෝ ප්‍රවේශ පත්‍ර වෙන් කිරීම​ට:

වසන්ත – +971 569 457 189

Online ප්‍රවේශ පත්‍ර වෙන් කිරීම​ට: මෙතනින්

හද රැඳුනු වික්ටර් රත්නායකයන්ගේ ​ඒ පැරණි ගීත එකතුව සජීවීව අසන්නට දකින්නට ලැබෙන මේ ස්වර්ණම​ය අවස්ථාවට ඔබත්, ඔබ පුවුලේ සැමත්, ඔබගේ ආදරණීයනුත් සමග එක්වන්නටයි මේ ආරාධනය.

Share.

Comments are closed.