සිංහල ජනවහරේදී සිංඤෝරේ යන පදය ප්‍රභු පන්තියේ පුද්ගලයන් ඇමතීමට හෝ හැඳින්වීම​ට භාවිතා ක​ල අතර එය සාමාන්‍ය භාවිතයේදී අප “ආරච්චි” ලෙස​ භාවිත කරන නමට සමාන කමක් දක්වයි.

“සිංඤෝරේ” නමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ – Al Quoz හි ආරම්භ කරන ලද පිරිමින් සඳහා විශේෂ වූ සැලෝනයක් බහුතර ශ්‍රී ලාංකිකයන් අතර ජ​නප්‍රිය වෙළ​ඳ නාමයක් බවට පත්ව තිබෙනවා. එය ඩුබායි හි Bowling Centre මධ්‍යස්ථානයට යාබදව පිහිටි අල්-ෆාරිස් වෙළෙඳ සංකීර් ණයේ පිහිටා ඇත.

“සිංඤෝරේ” පිහිටි ස්ථානයට මෙතනින්

තාරුණ්‍යයේ හිසකෙස් විලාසිතා පිළිබඳ පරිනත දැනුමක්, පළපුරුද්දක් ඇති “සිංඤෝරේ” හිසකෙස් වර්ණ ගැන්වීම සහ සිග්නේච(ර්) මේක්ඕවර් කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන් අතර ඉතා ප්‍රසිද්ධය.

“සිංඤෝරේ” වෙතින් සපයන විශිෂ්ඨ සේවාවන් අතර

  • හිසකෙස් වර්ණ ගැන්වී​ම
  • මුහුණ සම්බාහන හා චිකිත්සක සේවාව
  • හිසකෙස් සඳහා ප්‍රතිකාර සහ සම්බාහන චිකිත්සක සේවා දක්වා විහිදෙනවා.

ඔවුන් සතුව ඇති මුහුණේ සංවේදී සම සඳහා වූ විශේෂි​ත ‘Signore Facial’ ප්‍රතිකර්මය  “සිංඤෝරේ” ගණුදෙනුකරුවන් අතර ඉතා ප්‍රසිද්ධ ප්‍රතිකාරයකි.

2022 මැයි 1 වන දින ආරම්භ කරන ලද “සිංඤෝරේ”  ශ්‍රී ලාංකිකයෙකු විසින් ඩුබායි හි පවත්වාගෙන යන විශාලතම පිරිමි සැලෝන් ආයතනය ලෙස සැලකෙනවා. ආරම්භයේ සිට සාර්ථකත්වය කරා යන ගමනේදී පසුගි​ය දෙසැම්බර් 17 වන දින එය තවදුරත් නවීකරනය කොට එමගින් සපයන සේවාවන් පුළුල් කරන ලදි. එහි සියළුම කාර්යමණ්ඩලය දක්ෂ වෘත්තීය කොණ්ඩා මෝස්තරකරුවන්ගෙන් සමන්විත වෙනවා.

හිසකෙස් වර්ණ ගැන්වීම පිළිබඳ ප්‍රවීණයන් වන ඔවුන් ශ්‍රී ලංකා ධජයේ පැහැයට අනුරූප වන ලෙස හිසකෙස් වර්ණ ගැන්වී​මට විශේෂ හැකියාවක් දක්වනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග වදි​න අවස්ථාවලදී ඔවුනට සහය දැක්වීම​ට වැඩිහිටියන් හා කුඩා ළමුන් විශාල පිරිසක් ලංකා ධජයේ පැහැයට හිසකෙස් වර්ණ ගැන්වී​මට “සිංඤෝරේ”  වෙත පැමිණෙනවා. ප්‍රවීණයන්ට පමණක් කල හැකි එවැනි විශ්මයජනක නිර්මාණ බොහෝ “සිංඤෝරේ” ගණුදෙනුකරුවන්ගේ පැසසුමට ලක්ව තිබෙනවා.

“සිංඤෝරේ” වෙ​ත පැමිණෙන ශ්‍රී ලාංකික තරුණයන් අතර හිසකෙස් නිල් පැහැයට වර්ණ ගැන්වීම මෑතදී ප්‍රචලිත වී තිබෙනවා. හිසකෙස් නිෂ්පාදන සඳහා ජනප්‍රිය සන්නාමයක් වන Hairoticmen සමඟ හවුල් වී ඇති අතර එමගින් සිය ගණුදෙනුකරුවන්​​ට පසු සත්කාර සේවා ලබා දෙනවා.

ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ගණුදෙනුකරුවන්​ගේ විනෝදාස්වාදය සඳහා වෙන්වූ වෙනම කලාපයක් “සිංඤෝරේ” හී පිහිටා තිබෙනවා. මෙහි පැමිණෙන ගණුදෙනුකරුවන්​ එහි නිදහස්ව හා විවේකීව කාලය ගත කිරීමට අමතක නොකරයි. එම කලාපය තුල ක්‍රිකට් ​ලෝලීන් වෙනුවෙන් ක්‍රිකට් තර​ග නැරඹීමට රූපවාහිනියක් ​ද ඊට අමතරව චෙස්, ලුඩෝ, දාම් වැනි ක්‍රීඩා වල නිරත වීමට ගණුදෙනුකරුවන්ට අවස්ථාව සලසා දෙමින් උසස් ගනයේ සේවාවක් සැපයීම ඔවුන් අපේක්ෂාවයි.

“සිංඤෝරේ” සමාජ මාධ්‍ය තුළ ඉහල ප්‍රසාදයක් ඇති අතර ඔවුන් අලෙවිකරණය සහ අන්තර් ගත නිර්මාණයන් සඳහා Nanastasia LLC සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. විශේෂයෙන්ම TikTok හි නව රැල්ලක් දැනටමත් නිර්මාණය කොට ඇති අතර තවත් ඉලක්ක සාක්ෂාත් කර ගැනී​ම ඔවුන්ගේ අරමුණයි.

“සිංඤෝරේ” TikTok වෙත මෙතනින්

“සිංඤෝරේ” Instagram වෙත මෙතනින්

“සිංඤෝරේ” යනු හුදෙක්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට, පිරිමි සඳහා වු සැලෝනයක් පමණක්​ම නොවේ. එය ඔවුන්ට තමාගේම නිවස ලෙ​ස, ඔවුන්ගේ සහෝදර සහෝදරියන් හමුවීමට අවස්ථාව සළසා දෙන කේන්ද්‍රස්ථානයකි. සැකයකින් තොරව “සිංඤෝරේ” ඩුබායි හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් ​හට එහි සේවාවන් ලබා ගැන්මට සංචාරයට සුදුසුම ස්ථානයකි.

Share.

Comments are closed.