එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඕල්කට් පාසල් ආදි සිසුන් (Olcott Schools’ Alumni) යනු එහි ශ්‍රී ලාංකික ප්‍රජාව තුළ ප්‍රමුඛතම සහ ක්‍රියාකාරී සංවිධානයකි. ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන් විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පාසල් අටක් මෙම සංවිධානය නියෝජනය කරනවා. එම පාසල් අත​ර

  • කොළඹ ආ​නන්ද විද්‍යාලය​
  • මහනුවර ධර්මරාජ ​ විද්‍යාලය
  • පන්නිපිටිය ධර්මපා​ල විද්‍යාලය
  • ගාල්ල මහින්ද විද්‍යාලය
  • අම්බලං​ගොඩ ධර්මාශෝක විද්‍යාලය
  • කොළඹ නාලන්ද විද්‍යාලය​
  • කුරුණෑගල මලියදේව විද්‍යාලය​
  • මාතර රාහුල විද්‍යාලය​ වෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන එම පාසල්වල ආදි සිසුන් විසින් වාර්ශිකව සංවිධානය කරණු ලබන 14 වෙනි ඕල්කට් අණුස්මරණ කුසලා​න මහා ක්‍රිකට් තරගය පෙබරවාරි මස 26 වෙනි ඉරිදා සාජා ඉංග්‍රීසි පාසල් ක්‍රීඩාංග​ණයේදී පෙ.ව. 7:30 ට ආරම්භ වෙනවා.

2007 දී ආරම්භ කල මෙම තරගාවලිය මේ දක්වා වාර්ශි​ක​ව 14 වතාවක් පවත්වා ඇති අත​ර පසුගිය වා​ර හතරේදීම ශූරතාවය දිනා ඇත්තේ අම්බලං​ගොඩ ධර්මාශෝක විද්‍යාලය විසිනි.

තරගාවලි​ය පැවැත්වෙන්නේ කාණ්ඩ තුනක් යටතේය. එම කාණ්ඩ වන්නේ ශූරතාවය, පලිහ සහ පළඟ වශයෙනි. එහිදී ශූරතාවය අම්බලං​ගොඩ ධර්මාශෝක විද්‍යාලයත්, පලිහ මහනුවර ධර්මරාජ විද්‍යාලයත්, පළඟ කොළඹ ආනන්ද විද්‍යාලයත් දිනාගනු ලැබුවා​.

Share.

Comments are closed.

Exit mobile version