ඔබගේ පදිංචි වීසා බලපත්‍රය කල් ඉකුත් වීමට ආසන්නද? මෙන්න ප්‍රයෝජනවත් මෙවලමක්.

අප බොහෝ දෙනෙකුට අපගේ පදිංචි වීසා බලපත්‍රය කල් ඉකුත් වීමට නියමිත මාසය මතක​යේ ඇති අතර, දිනය මතක නැත. මාසය එළඹෙන විට, වීසා වලංගුභාවය පරීක්ෂා කිරීම සඳහා විදේශ ගමන් බලපත්‍රයේ පිටු පෙරළීම සාමාන්‍ය දෙයකි.

ඒත් අපි හැම වෙලාවෙම පාස්පෝට් එක අරන් යන්නේ නැහැ නේද? එසේ නම් අප කළ යුත්තේ කුමක්ද?

ඔබගේ පදිංචි වීසා වලංගුභාවය පරීක්ෂා කිරීමට ඔබට අවශ්‍ය වන්නේ ඔබගේ විදේශ ගමන් බලපත්‍ර අංකය සහ විදේශ ගමන් බලපත්‍රයේ කල් ඉකුත්වන දිනය පමණි. එබැවින් ඔබගේ විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක් හෝ ඔබගේ දුරකථනයේ සුරකින ලද ස්කෑන් කරන ලද පිටපතක් ප්‍රමාණවත්​ය.

අනන්‍යතාවය සහ පුරවැසිභාවය සඳහා වන ෆෙඩරල් අධිකාරිය මෙම සේවාව එහි වෙබ් අඩවිය හරහා සපයයි. වීසා බලපත්‍රය තවමත් වලංගුද යන්න තහවුරු කර ගැනීමට පදිංචිකරුවෙකුට විදේශ ගමන් බලපත්‍ර තොරතුරු ඇතුළත් කළ හැකි අතර නිකුත් කර ඇති වීසා බලපත්‍රය සත්‍යද නැද්ද යන්න වුවද පරීක්ෂා කළ හැක. මෙම රජයේ නිල වෙබ් අඩවිය හරහා පදිංචිකරුවන්ට වීසා බලපත්‍රයේ වලංගුභාවය පරීක්‍ෂා කළ හැකිය.

ඔබගේ විදේශ ගමන් බලපත්‍රය භාවිතයෙන් වීසා වලංගුභාවය නිරීක්ෂණය කිරීමට පියවරෙන් පියවර මාර්ගෝපදේශයක් පහත දැක්​වේ:

පියවර 1: වීසා වලංගුභාවය පරීක්ෂා කිරීමට මෙතනින්

පියවර 2: ‘විදේශ ගමන් බලපත්‍ර තොරතුරු’ බොත්තම තෝරන්න.

පියවර 3: ‘පදිංචිය’ හෝ ‘වීසා’ තෝරන්න.

පියවර 4: විදේශ ගමන් බලපත්‍ර අංකය සහ විදේශ ගමන් බලපත්‍රයේ කල් ඉකුත්වන දිනය ඇතුළත් කරන්න.

පියවර 5: දකුණු පස දිස්වන ලැයිස්තුවෙන් ජාතිකත්වය ඇතුළු කරන්න. වම් පස ඇති කොටුවේ අනුරූප අංකයක් දිස්වනු ඇත.

පියවර 6: කැප්චා පිරික්සුම් කොටුව තෝරා සෙවුම මත ක්ලික් කරන්න. පිටුව දැන් ඔබේ වීසා විස්තර සහ කල් ඉකුත්වන දිනය සමඟ පෙන්වනු ඇත.

Share.

Comments are closed.