නේවාසික සහ විදේශ කටයුතු පිළිබඳ සාමාන්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය (GDRFA), වීසා බලපත්‍ර සම්බන්ධයෙන් ගැටළු ඇති UAE පදිංචිකරුවන්, අමුත්තන් සහ සංචාරකයින්​ගේ ගැටළු නිරාකරණය කිරීමට Deira City Center හි “A Homeland for All” යන තේමා​ව යටතේ දින 3 ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා.

පෙබරවාරි 25 සිට 27 දක්වා සෑම දිනකම ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගි​න්, බලපත්‍ර කල් ඉකුත් වූ අය, කල් ඉකුත් වූ ලියකියවිලි ඇති අය ඇතුළුව ඔවුන්ගේ වීසා බලපත්‍රය සම්බන්ධයෙන් ඕනෑ​ම ගැටළුවක් සඳහා උපකාර කිරීමට Deira City Center හි ඇති කුටියක GDRFA හි බලධාරීන් ​කටයුතු කරනු ඇත. සෙන්ටර් පොයින්ට් අසල පිහිටා ඇති කුටිය පෙ.ව. 10 සිට රාත්‍රී 10 දක්වා විවෘතව පවතිනවා.

වීසා බලපත්‍රවල වලංගු භාවය පිළිබඳව ගැටළු ඇති පදිංචිකරුවන්ට, ඔවුන්ගේ ගමන් බලපත්‍ර අංකය පමණක් භාවිතා කිරීමෙන් ඔවුන්ගේ බලපත්‍ර කල් ඉකුත්වීම පරීක්ෂා කළ හැකියි. මාර්ගෝපදේශය සඳහා මෙතැන ක්ලික් කරන්න.

GDRFA සමාජ මාධ්‍ය සටහනකට අනුව, ප්‍රචාරණ ව්‍යාපාරය මගින් බලාපොරොත්තු වන්නේ ඇතුල්වීමේ සහ පදිංචිය පිළිබඳ නීතිවලට ජනතාව අනුකූලවන සංස්කෘතියක් නිර්මාණ​ය කිරීමයි. GDRFA හි පාරිභෝගික සතුට පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් Salem bin Ali, බියෙන් සැකෙන් තොරව ඔවුන් වෙත පැමිණෙන ලෙස ජනතාවට උපදෙස් දුන්නේය. “ඔබ වසර 10 ක් පුරා අනවසරයෙන් රැඳී සිටියත්, අපගේ කාර් ය මණ්ඩලය ඔබ වෙනුවෙන් විසඳුමක් සොයනු ඇත,” ඔහු Instagram පණිවුඩයක පවසා තිබුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අවසර ලත් වීසා කාලය ඉක්මවා සිටී​ම වෙනුවෙන් දිනකට ඩිරාම් 50 ක දඩයක් අය කෙරේ. මෙය වීසා අවලංගු කිරීම් සඳහා ද අදාළ වන අතර බොහෝ විට දැවැන්ත දඬුවම්වලට හේතු විය හැක. GDRFA ට අනුව, මෙම ව්‍යාපාරය මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින අයට වීසා සම්බන්ධ ගැටළු නිරාකරණය කිරීමට අවස්ථාවක් ලබා දෙනු ඇත.

Share.

Comments are closed.