එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික විදුලිබල පද්ධතියට තවත් මෙගාවොට් 1,400ක (MW) පිරිසිදු බලශක්තියක් එක් කරමින් BARAKAH න්‍යෂ්ටික බලශක්ති බලාගාරයේ 3 වන ඒකකය වාණිජ මෙහෙයුම් ආරම්භ කර ඇත.

එමිරේට්ස් න්‍යෂ්ටික බලශක්ති සංස්ථාවට (ENEC) අනුව BARAKAH න්‍යෂ්ටික බලාගාරයේ හි ඒකක 1, 2 සහ 3 ක්‍රියාත්මක වීම නිසා සමස්ත විදුලි නිෂ්පාදනය මෙගාවොට් 4,200 දක්වා ඉහළ නැංවෙන බව පැවසීය.

මැදපෙරදිග පළමු බහු-ඒකක මෙහෙයුම් විදුලි බලාගාර​ය වන BARAKAH, 2022 දෙසැම්බර් මාසයේදී අබුඩාබි හි පිරිසිදු විදුලි පරිභෝජනයෙන් 80 % කට වඩා බලගන්වා ඇත.

ENEC හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් ඉබ්‍රාහිම් අල් හම්මාඩි “නොවැම්බරයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වනු ලබන COP28 හිදී අද පවතින ඔප්පු ක​ල හැකි විසඳුම් භාවිතා කරමින්, දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේදී න්‍යෂ්ටික බලය කෙතරම් තීරණාත්මකද යන්න පෙන්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය අපේක්ෂා කරන බව” පැවසීය.

ඇත්ත වශයෙන්ම BARAKAH බලාගාරයේ, 3 වන ඒකකය ලොව පුරා ඉදිකර ඇති අනෙකුත් තුන්වන පරම්පරාවේ ප්‍රතික්‍රියාකාරක සමඟ සසඳන විට කෙටිම කාල රාමුවක් තුළ කාර්යක්ෂමතා​ව ලබා දී ඇත. එය 2වන ඒකක​යට වඩා මාස හතරක් වේගයෙන් සහ 1වන ඒකකයට වඩා මාස පහක් වේගයෙන් වාණිජ මෙහෙයුම් ආරම්භ කළේය.

Share.

Comments are closed.