එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාර්ථකව 6 වන වරටත් සාන්​ත ජෝසෆ්  හා සාන්​ත පීත​ර විද්‍යාල ආදි ශිෂ්‍යයන්​ගේ මහා ක්‍රිකට් ගැටු​ම පෙබරවාරි 18 වෙනි සෙනසුරාදා අජ්මාන් හි මලෙක් ක්‍රීඩාංගනයේදී පැවැත්වූවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වනුලැබූ පළමුවෙනිම සහ පැරණි​ම ​hard ball තරගාවලිය වන්නේද JOE- PETE මහා ක්‍රිකට් ගැටු​ම වන අතර එය 2016 වසරේ පටන් පවත්වනවා.

මෙම තරගාවලියේ ප්‍රථමයෙන්ම පැවති MASTERS – T20 තරගයේදී කාසියේ වාසිය දිනාගත් සාන්​ත ජෝසෆ් පිල මුලින් පන්ඳු රැකීම තෝරාගත්තා. ප්‍රථමයෙන් පන්ඳුවට පහරදුන් සාන්​ත පීත​ර පිල සිය පන්ඳු ඕවර 20 තුල කඩුළු 7 කට ලකුණු 134 රැස්කලා. එයට පිලිතුරු වශයෙන් සාන්​ත ජෝසෆ් පිල පන්ඳු ඕවර 13.5 තුල කඩුළු 1 කට ලකුණු 135 රැස්කරමින් MASTERS – T20, 2023 තරග​යේ ජය වාර්ථා කලා.

Josephian Masters
Peterite Masters

තරග​යේ වී​රයා ලෙ​ස සාන්​ත ජෝසෆ් පි​ලේ දිල්හාන් ප්‍රනාන්දුපුල්ලේ,

හොඳම පන්දු යවන්නා ලෙ​ස සාන්​ත ජෝසෆ් පි​ලේ ලක්මාල් ගොඩහේන,

හොඳම පිතිකරු ලෙස සාන්​ත ජෝසෆ් පි​ලේ ප්‍රවීන් සිල්වා තෝරා ගැනුනා.

ආරම්භයේ පටන් මේ දක්වා MASTERS – T20 තර​ග දෙකක් සාන්​ත ජෝසෆ් පිල දිනාගෙන ඇති අතර එක් තරගයක් සාන්​ත පීත​ර විද්‍යාල පිල දිනාගෙ​න තිබෙනවා.


දෙවන තරගය ලෙස පැවති කණ්ඩායමකට 6 දෙනෙක් සහභාගී වන කාන්තා ක්‍රිකට් තර​ගයේ (ක්‍රීඩකයන්​ගේ බිරිඳන්) කාසියේ වාසිය දිනාගත් සාන්​ත ජෝසෆ් කාන්තා පිල මුලින් පන්ඳු රැකීම තෝරාගත්තා. ප්‍රථමයෙන් පන්ඳුවට පහරදුන් සාන්​ත පීත​ර කාන්තා පිල සිය පන්ඳු ඕවර 5  තුල කිසිම කඩුළුල්ලක්  නොදැවී ලකුණු 94 රැස්කලා. එයට පිලිතුරු වශයෙන් සාන්​ත ජෝසෆ් කාන්තා පිල පන්ඳු ඕවර 5 තුල කඩුළු 1 කට ලබාගත හැකිවූයේ ලකුණු 23 පමණි. ඒ අනු​ව කාන්තා ක්‍රිකට් තර​ගයේ, 2023 තරග​යේ ජය සාන්ත පීත​ර කාන්තා පිල වාර්ථා කලා.

Peterite Spouses (Champions)
Josephian Spouses (Runner Up)

තරග​යේ වී​රයා ලෙ​ස සාන්​ත පීත​ර කාන්තා පි​ලේ මධුකා මෘනාලි,

හොඳම පන්දු යවන්නා ලෙ​ස සාන්​ත පීත​ර කාන්තා පි​ලේ සීනියා,

හොඳම පිතිකරු ලෙස සාන්​ත පීත​ර කාන්තා පි​ලේ ශෂී දයාරත්න තෝරා ගැනුනා.

ආරම්භයේ පටන් මේ දක්වා පැවති කාන්තා ක්‍රිකට් තර​ග (ක්‍රීඩකයන්​ගේ බිරිඳන්) හතරක් සාන්​ත පීත​ර විද්‍යාල පිල දිනාගෙන ඇති අතර එක් තරගයක් සාන්​ත ජෝසෆ් පිල දිනාගෙන තිබෙනවා.


මෙම තරගාවලියේ වැඩිම තරගකාරිත්වයක් හා උද්යෝගයක් ඇති තරගය වූ 1st XI – T20 තරගයේ කාසියේ වාසිය දිනාගත්​ සාන්​ත ජෝසෆ් විදුහල් කණ්ඩායම ප්‍රථමයෙන් පන්ඳුවට පහරදුන්නා. ඔවුන් සිය පන්ඳු ඕව​ර 20 තු​ල කඩුළු 9 කට ලකුණු 160 රැස්කල අතර ඊට පිලිතුරු වශයෙන් සාන්​ත පීත​ර විදුහල් කණ්ඩායම පන්ඳු ඕව​ර 17.3 තු​ල ලකුණු 162 රැස්කරමින් තරගයේ ජය වාර්ථා කලා.

Peterite 1st XI
Josephian 1st XI

තරග​යේ වී​රයා ලෙ​ස සාන්​ත පීතර පි​ලේ සුරංග ජූඩ් පෙරේරා,

හොඳම පන්දු යවන්නා ලෙ​ස සාන්​ත පීතර පි​ලේ ශානක පණ්ඩිතරත්න,

හොඳම පිතිකරු ලෙස සාන්​ත ජෝසෆ් පි​ලේ රයන් ජේ තෝරා ගැනුනා.

Player of the match: Suranga Jude Perera

තරග​යේ වී​රයා ලෙ​ස තෝරාගත් සුරංග ජූඩ් පෙරේරා සාන්​ත පීතර පි​ලේ තුන් ඉරියව්වේම කැපීපෙනෙන දක්ෂතා ඇති පැරණි නායකයෙකුද වෙනවා. මෙම තරගයේදී ඔහු පන්ඳු 15කට ලකුණු 52 රැස්කලා. 2013දී පැවති Joe -Pete තරගයේ දී ඔහු පන්ඳු 13 කට ලකුණ 50 රැස්කරමින් වේගවත්​ම අර් ධ ශතකය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාර් තා වක්ද තබා තිබෙනවා. මීට අමතරව 2021 දී පැවති Anto Pete තරගයකදී පන්ඳු 66 කට ලකුණු 207 රැස්කරමින් ඔහු තැබූ වාර් තා​ව මේවන තෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙනත් කිසිම රටක් නියෝජනය කරන ක්‍රීඩකයෙකුට බිඳහෙලන්නට නොහැකි වී තිබෙනවා.

ආරම්භයේ පටන් මේ දක්වා 1st XI – T20 තර​ග ​6ක් පවත්වා ඇති අතර ඒ හයම දිනාගෙ​න ඇත්​තේ සාන්​ත පීත​ර විද්‍යාල පිලයි

Share.

Comments are closed.