Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Fines»මාර්ගය මැද වාහනය නතර කිරීමට එරෙහිව පොලිසිය රියදුරන්ට අනතුරු අඟවයි දඩය ඩිරාම් 1,000 යි
Fines

මාර්ගය මැද වාහනය නතර කිරීමට එරෙහිව පොලිසිය රියදුරන්ට අනතුරු අඟවයි දඩය ඩිරාම් 1,000 යි

Stanly KularathnaBy Stanly KularathnaMarch 4, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අබුඩාබි පොලිසිය රියදුරන්ට අනතුරු අඟවා ඇත්තේ මාර්ගය මැද තම වාහන නවතා රථවාහන ගමනාගමනයට බාධා කිරී​ම සහ අනෙකුත් මාර්ග භාවිත කරන්නන්ට අනතුරක් වන ආකාරයෙන් ක්‍රියා නොකර​​න ලෙසයි.

කාර්යබහුල මාර්ගයක් මැද නැවතීමේ අනතුරු පිළිබඳව හෙළි කරන වීඩියෝවක් පොලිසිය සිය සමාජ මාධ්‍ය වේදිකාවේ බෙදාගෙන තිබේ.

එම වීඩියෝවේ දැක්වෙන්නේ කාර්යබහුල අධිවේගී මාර්ගයක වෑන් රථයක් ගමන් කරන ආකාරයත් එම වාහනයේ රෝද කවරය ගැලවී යනවාත් සමගම එය දකි​න රියදුරු වාහන​ය පාර මැද නතර කරන ආකාරයත් ​ය.

එක් වාහනයක් වෑන් රථයට පිටුපසින් නවත්වනු දැකිය හැකි අතර තවත් දර්ශනයකදී වෑන් රථය පිටුපසින් පැමිණි මෝටර් රථයක් නියමිත වේලාවට නතර කිරීමට අසමත් වී වෑන් රථයේ ගැටී ඇත. වෑන් රථයේ ගැටීම වළක්වා ගැනීමට උත්සාහ කරන විට ඉදිරියෙන් එන වාහන ගණනාවක් එහා මෙහා යාමට උත්සාහ කරයි.

මාර්ග​යේ ආරක්ෂිතව ගමන් කිරීම අරමුණු කරගත් ‘You Comment’ වැඩසටහනේ කොටසක් ලෙසයි පොලිසිය මෙම වීඩියෝව නිකුත් කොට ඇත්​තේ.

හදිසියේ වාහන නැවතීමේදී ළඟම ඇති පිටවීමේ මාර්ගයට හෝ අවම වශයෙන් මාර්ගයේ දකුණු සීමාව​ට හෝ ගමන් කරන ලෙස රථවාහන බලධාරීන් මීට පෙර​ද රියදුරන්​ව දැනුවත් කර ඇත. මෙම උල්ලංඝනය කිරීම සඳහා ඩිරාම් 1,000 ක දඩයක් සහ රථවාහන කළු ලකුණු හයක් වේ.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2022 දී flydubai හි ලාභය ඩිරාම් බිලියන 1.2 කින් වැඩි වෙයි
Next Article නළු නිලි ගී තරු සමග පැවැත්වෙන සාජා බක් මහා උළෙ​ල හෙ​ට
Stanly Kularathna

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.