උදාවීමට නියමිත සිංහල හා දෙමළ අළුත් අවුරුදු උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට හෙලයේ ජාතික මංගල්‍ය අති උත්කර්ශවත් ලෙස සමරන්නට අවස්ථාව උදාකෙරෙන
නළු නිලි ගී තරු සමග – සාජා බක් මහා උළෙල
මාර්තු 5 වන ඉරිදා සාජා වොන්ඩර්ස් ස්පෝට්ස්ක්ලබ් හිදී පෙ.ව. 10 ට ආරම්භවෙනවා.
හෙල සිරිතට හෙල ක්‍රීඩාවන්ට මුල්තැන දෙමින් බක් මහා උළෙල අර්ථ ගන්වන්නට බක් මහා ක්‍රීඩා සහ තරග එකතුවක් මෙහිදී පැවැත්වීමට සංවිධානය කොට තිබෙනවා. ඒ අතර අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය, සිගිති කුමරා සහ සිගිති කුමරිය, කඹ ඇදීම, කනා මුට්ටි බිඳීම, පොල් ගෑම, කොට්ට පොර, බැලූම් පිපිරවීම, බනිස් කෑම සහ තවත් ජන ක්‍රීඩා රැසක් වෙනවා.
මෙම ක්‍රීඩා තරඟ වලට සහභාගී වන්නන් හට තෑගි දිනාගන්නටත් අවස්ථාව උදාකරගත හැකි අතර, පවුලේ සැම හා යහළු යෙහෙලියන් සමග තරග නරඹමින් විනෝද වන්නට, සංගීතය රසවිඳින්ට අවස්ථාව උදාවෙනවා.
එදින දවස පුරාවට පැවැත්වෙන මෙම උළෙල වර්ණවත් කරන්න ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නළු නිලි විශාල පිරිසක් සහ හිරු ස්ටාර්ස් ජයග්‍රාහී ගායක ගායිකාවන් රැසක් ද සහභාගීවන
වසන්ත උදානය 2023 සංගීත සංදර්ශනයක් සංවිධානය කොට තිබෙනවා.
නළු නිලි ගී කැල අතර මිලින්ද සදරුවන් / සඳුන් පෙරෙරා / මිලාන් / පාලි බග්‍රා / ඉසුරු ලොකුහෙට්ටිගෙ / ජුඩ් රොගන්ස් /සචින් ලියනගේ / සැම් එස්.කේ / ප්‍රියන්ත සෙනවිරත්න / නුවන් / ජයතු / රොමා අබේගුණවර් ධන / අමන්ද පෙරෙරා /ශානි දිසානායක / සචින්තනි කෟශල්යා / පියුමි බොතෙජු / නෙහාරා/ අසංක ප්‍රියමන්ත / කුෂී / කුමාෂි / අරෝශා / රන්දුනු සුර් යා / ශාන්ත ජයසිංහ / රජිත / සහන් ප්රබුද්ද / ප්‍රශාත් හතුරුසිංහ / සුරංගි කොඩිතුවක්කු / උමන්දා සදමිනි සහ ජීවන් චන්දිම ද සිටිනවා.
ඉදිරිපත් කිරීම – සුරංගි / ප්‍රසාද් /සමීර සහ සචිත්ර
මෙම උළෙල සංගීතයෙන් රසගන්වන්නේ ඉන්දික කාරියවසම් සමඟ සිග්නේචර් සංගීත කණ්ඩායමයි උදාවීමට නියමිත සිංහල හා දෙමළ අළුත් අවුරුදු උත්සවය සමරමින් ප්‍රීති වන්නට, තරඟ වලට සහභාගී වෙමින් තරඟ වදින්නට, නෑ හිත මිතුරන් යහලු යෙහෙලියන් සමග සංගීතය රසවිඳිමින් විනෝද වන්නට, අළුත් අත්දැකීමක් එක්කරගන්නට පැමිණෙන ලෙස ශ්‍රී ලාංකික ඔබ සැමට ආරාධනය කරන්නෙමු.