Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Finance»රුපියල ශක්තිමත් වෙයි
Finance

රුපියල ශක්තිමත් වෙයි

Stanly KularathnaBy Stanly KularathnaMarch 4, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබුණි.

ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 334.50ක් ලෙස ඊයේ (3) සටහන් වෙද්දී එහි විකිණුම් මිල දැක්වුණේ රුපියල් 348.03ක් ලෙසිනි.

පසුගිය දින 07ක කාලය තුළදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත්වු අතර මාස 10කට පසුව අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් ශ්‍රී ලංකා​වේ වාර්තා වූ අවම රුපියලේ අගය ඊයේ (3)  සටහන් වී තිබුණි.

මෙලෙස රුපියල ශක්තිමත්වීම වාර්තා වන්නේ ලෝක බැංකුවට අනුබද්ධ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයන සඳහා මෙරට පෞද්ගලික බැංකු තුනකට ඩොලර් මිලියන 400ක මූල්‍යාධාරයක් ලබාදුන් පසුබිමකය.

මේ අතර ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමට බලපෑ හේතු කිහිපයක් කැල් (CAL) ආර්ථික පර්යේෂණ ආයතනය ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව, ශ්‍රී ලංකා​වේ ආනයන අපනයන වෙළෙඳ පරතරය අඩුවීම, විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ හා සංචාරක ව්‍යාපාරයේ විදේශ විනිමය ආදායම ඉහළ යාම, ඩොලරය දුර් වල වීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය මුදල ශ්‍රී ලංකාවට හිමිවීමේ අපේක්ෂාව මත රුපියල තවදුරටත් ශක්තිමත් විය හැකි බැවින් ඩොලර් ශ්‍රී ලංකා මුදල්වලට පරිවර්තනය කිරීම ඉහළ යාම සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපනයන ආදායම් සහ ප්‍රේෂණ සඳහා වූ රෙගුලාසි ලිහිල් කිරීම එලෙස රුපියල ශක්තිමත්වීමට බලපෑ කරුණු අතර වන බවය.

පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම පහතවැටීමෙන් මෙරට විදේශ විනිමය සංචිත පිටතට ගලායාම අවමවීමද රුපියල ශක්තිමත්වීම කෙරෙහි බලපෑ ඇති බව වාර්තා වෙයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් සියලුම වාණිජ බැංකු ප්‍රධාන විධායක නිලධාරීන් වෙත දැනුම්දී ඇත්තේ අන්තර් බැංකු විනිමය හුවමාරු ගනුදෙනුවලදී ”ස්පොට් රේට්” සීමාව යටතේ අවම සහ උපරිම අගයේ සීමාව රුපියල් 10ක මට්ටමක පවත්වාගෙන යාමටය.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වනවිට ශ්‍රී ලංකාවට විස්තීර්ණ ණය මුදලක් ලබාදීම සඳහා තීරණයකට එළැඹ ඇතැයි වන උපකල්පනය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ඉහළ යාමක් ඊයේ (3) දක්නට ලැබුණි.

ඒ අනුව සමස්ත මිල දර්ශකය ඒකක 111.09කින් ඉහළ ගොස් සටහන් වූයේ 9,444.92ක් ලෙසය.

කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (3)  දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 2.8කි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනළු නිලි ගී තරු සමග පැවැත්වෙන සාජා බක් මහා උළෙ​ල හෙ​ට
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැඩ කිරීමට ඔබට අයදුම් කළ හැකි වීසා වර්ග පහක්
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.