එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාර්ථකව 2 වන වරටත් පවත්වනු ලබන කොලඹ ඩී.​එස්. සේනානායක හා මහානාම විද්‍යාලීය ආදි ශිෂ්‍යයන්​ගේ මහා ක්‍රිකට් ගැටු​ම “Battle of the Golds” මාර්තු මස 11 වෙනි සෙනසුරාදා සවස 4:30 සිට සාජා හි Vision Cricket Centre ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

මෙම කණ්ඩායම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම වතාවට Hard Ball තරඟයක් ලෙස ක්‍රීඩා කරන ක්‍රිකට් තරඟය මෙය වන අතර මෙය දිවා රාත්‍රී තරඟයක් ලෙස පවත්වන්නට සියලු කටයුතු සංවිධානය කර අවසන්.

මෙතෙක් පැවති තරග අතරින් 1-0 ලෙස කොලඹ ඩී.ඇස්. සේනානයක විද්‍යාලීය කණ්ඩායම ශූරතාවය දිනාගෙන ඇති අතර, ප්‍රභල මහානාම විද්‍යාලීය කණ්ඩායමද මෙවර ශූරතාවය දිනා ගැනීමට තරඟ වදින්නට සූදනමින් සිටී.

ඩී.ඇස්. සේනානායක විද්‍යාලීය කණ්ඩායම තරංග දිනුක පෙරේරා මෙහෙයවන අතර නලින් ද සිල්වා මහානාම විද්‍යාලීය කණ්ඩායමට නායකත්වය ලබාදෙනු ඇත.

මෙම සහෝදර විද්‍යාල දෙකේ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පවත්වන සුහද ​නමුත් තරගකාරී ක්‍රිකට් ගැටු​ම නරඹන්නට, ඔවුන​ට සහය වන්නට, ජය ඝෝෂා නගමින් තරගය උණුසුම් කරන්නට ඔබ සැමට මෙයින් ආරාධනා කරනවා. මේ මහා ක්‍රිකට් සැණකෙලියේ ආස්වාදය ලබමින් පවුලේ සැම, යහළු යෙහෙලියන් හිතවතුන් සමග සතුටු වන්නට අමතක නොවන අත්දැකීමක් එක්කර ගන්න​ට මෙය කදිම ​ අවස්ථාවක් වේවි.

Share.

Comments are closed.