රාමසාන් කාලය ආරම්භ වීමට ආසන්​න බැවින්, සාජා මහ නගර සභාව නිරාහාර වේලාවන්හිදී ආහාර අලෙවිසැල් ක්‍රියාත්මක කිරීමට සහ ප්‍රදර් ශනය කිරීමට අදාල නව නීති ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ආපනශාලා සහ ආහාර අලෙවිසැල් නව නීති රීති පිළිපැදිය යුතු අතර ශුද්ධ වූ මාසය තුළ දිවා කාලයේ අලෙවිසැල් ක්‍රියාත්මක වීමට අවශ්‍ය බලපත්‍ර ලබා ගත යුතුය.

බලපත්‍ර සහ ගාස්තු

සාප්පු සංකීර්ණ වල ඇති අවන්හල් ඇතුළු​ව ආහාර සැකසීම් පරිශ්‍ර සඳහා රාමසාන් මාසයේ දිවා කාලයේ ක්‍රියාත්මක කිරීමට සහ ආහාර ප්‍රදර්ශනය කිරීමට – ඩිරාම් 3000  

අවන්හල්, ආපනශාලා, පේස්ට්‍රි ශොප් සහ බේකරි, ඉෆ්තාර් සඳහා පරිශ්‍ර ඉදිරිපිට ආහාර ප්‍රදර්ශනය කිරීමට  – ඩිරාම් 500

මෙහෙයුම් අවශ්‍යතා

  • ආහාර සේවා සපයනු ලබන්නේ පිටත පරිශ්‍රයන්හි පමණි
  • භෝජන ශාලා තුළ පාරිභෝගිකයින්ට අවසර නැත
  • ආහාර පිළියෙළ කිරීම සහ ඉවුම් පිහුම් සඳහා අවසර දෙනු ලබන්නේ මුළුතැන්ගෙය තුළ පමණි

ආහාර ප්‍රදර්ශ​න අවශ්‍යතා

  • බාහිර පරිසරය වැලි සහිත නොවේ නම්, ආහාර ද්‍රව්‍ය පරිශ්‍රයෙන් පිටත පදික වේදිකාවල ප්‍රදර් ශනය කිරීමට අවසර ඇත
  • ආහාර ස්ලයිඩින් හෝ සරනේරු දොරක් සහිත වීදුරු පෙට්ටියක ප්‍රදර්ශනය කළ යුතුය (අවම වශයෙන් 100cm උසකින්)
  • ආහාර මල නොබැඳෙන වානේ බහාලුම්වල තැබිය යුතුය.
  • ආහාර, ආහාර සඳහා සුදුසු ඇලුමිනියම් ෆොයිල් හෝ ප්ලාස්ටික් එතුමකින් ආවරණය කළ යුතුය
  • ඇසුරුම් ද්‍රව්‍ය ආහාර ශ්‍රේණියේ ගුණාත්මක ඒවා විය යුතුය
  • ආහාර සුදුසු උෂ්ණත්වවල තබා ගත යුතු අතර, ශීත කළ හෝ අධිශීත කළ නොවේ
  • ප්‍රදර්ශනය කරන ආහාර බලපත්‍ර දරන්නා විසින් සකස් කළ යුතුය
Share.

Comments are closed.