අබුඩාබි හි පැවති ෆෙඩරල් ජාතික සැසිවාරය (FNC) අතරතුර බලශක්ති සහ යටිතල පහසුකම් අමාත්‍ය, Suhail bin Mohammed Al Mazrouei පැවසුවේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරෝපණ මධ්‍යස්ථා​නයකින් විදුලි මෝටර් රථයක් චාර්ච් කිරීමේ පිරිවැය ඩිරාම් 7.50 ක් වන අතර එය කිලෝමීටර 400 ක දුරක් භාවිතා කළ හැකි බවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ දැනට ඉන්ධන පිරවුම්හල්වල වේගවත් විදුලි ආරෝපණ මධ්‍යස්ථාන සැපයීම පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින අතර එමඟින් ආරෝපණ ක්‍රියාවලිය විනාඩි 15 සිට 20 දක්වා ගත වෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය නගර සහ ප්‍රවාහන තිරසාරත්වය අතින් ගෝලීය වශයෙන් 13 වන ස්ථානයට පත්ව තිබෙනවා. මෙම පිළිගැනීම එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ තිරසාරත්වය සඳහා නායකත්වය ස​පය​න සාර්ථක ආදර්ශයක් ලෙස සැලකෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තිරසාර වැඩසටහනට තවදුරටත් සහය දැක්වීම සඳහා, මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ (RTA) අධ්‍යක්ෂ මණ්ඩලය 2027 වන විට ඩුබායි හි කුලී රථ (ඩුබායි ටැක්සි සහ ෆ්‍රැන්චයිස් සමාගම් කුලී රථ) සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී (hybrid, විදුලි සහ හයිඩ්‍රජන් වලින් බල ගැන්වෙන) බවට පරිවර්තනය කිරීමේ සැලැස්මක් අනුමත කර තිබෙනවා.

මෙම පියවර ඩුබායි බලශක්ති පිළිබඳ උත්තරීතර කවුන්සිලයේ අවශ්‍යතා, හරිත ආර්ථිකය ධාවනය සහ පුළුල් පාරිසරික තිරසාරභාවය සඳහා ඩුබායි රජයේ උපාය මාර්ගික උපදෙස් සපුරාලයි.

Share.

Comments are closed.