මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අංක එකේ ගුවන්විදුලි නාලිකා​වක් වන වර්ජින් රේඩියෝ “chosen one” නමින් නවක නිවේදකයන් සඳහා තරගාවලියක් පවත්ව​නවා. එම තරගයේ ජයග්‍රාහකයන් තෝරාගනු ලබන්නේ online ක්‍රම​යට තරගකරුවන්ට ලබාදෙන වැඩි මනාප ගන​න මත පදනම්වයි.

මෙතෙක් පැවති තරගයේදී අවසන් තරගකරුවන් දහදෙනා අතරට ​ජෝන් ෆනෑන්ඩු නම් ශ්‍රී ලාංකික තරුණයෙක් ද තේරී පත්වී තිබෙනවා. මැසනඩ් විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක් වන ඔහු ​මීට පෙර ශ්‍රී ලංකාවේ සිරස ටී.වී. ආයතන​යේ ​News First හි රැකියාවේ නියුක්තව සිට ඇති අතර ඔහු වෘත්තියෙන් ඩිජිටල් වෙළඳ ප්‍රවර්ධකයෙකු වෙනවා. දැනට ඩුබායි හි  APCC ආයතන​යේ සමාජ මාධ්‍ය අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරනවා.

ස්වෝත්සාහයෙන් නැගී සිටීමට වෙර දරන අපේ ශ්‍රී ලාංකික තරුණයෙකුට ජයග්‍රහනය කරා යන්නට අතහිත ලබාදීම ඔබ අප සැමගේම වගකීම හා යුතුකම වෙනවා. එවිට තාරුණ්‍යයෙන්, මිත්‍රශීලී බවෙන් හා ජව​යෙන් යුත් ඔහුගේ ​හඬ අන් අයට වඩා ඉදිරියෙන් තබන්න​ට හැකිවේවි, ඔහුගේ හඬ ශ්‍රී ලංකාවේම ​හඬ බවට පත්කරන්න​ට අප හැමෝ​ටම හැකි වේවි.

දැන් පැවැත්වෙ​න අවසන් පස්දෙනාගේ වටයට ඔහුව තෝරා පත්කරගැනීමට නම් ඉරිදාට පෙර පහත ඇති Link එක වෙත ගොස් ඔහු වෙනුවෙන් චන්දය ලබා දී අපේ යුතුකම ඉටුකරමු.

මනාපය ලබාදීමට මෙතනින්

Share.

Comments are closed.