Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»ඒකාබද්ධ ගල්ෆ් රථ වාහන සතියේදී RTA මගින් නව ව්‍යාපෘති කීපයකට මුල පුරයි
RTA

ඒකාබද්ධ ගල්ෆ් රථ වාහන සතියේදී RTA මගින් නව ව්‍යාපෘති කීපයකට මුල පුරයි

Stanly KularathnaBy Stanly KularathnaMarch 11, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) “Your Life is a Trust” යන තේමාව යටතේ පවත්වනු ලබන ඒකාබද්ධ ගල්ෆ් රථවාහන සතිය (2023 මාර්තු 6 සිට12 දක්වා) සැමරීම සඳහා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රථවාහන දෙපාර්තමේන්තු සමඟ සහයෝගීතාවයෙන් නැවුම් ව්‍යාපෘති මාලාවක් හඳුන්වා දී ඇත.

RTA හි රථවාහන සහ මාර්ග නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී Maitha bin Adai පැවසුවේ, RTA විසින් 2023 ඒකාබද්ධ ගල්ෆ් රථවාහන සතිය තුළ ළමුන්, සිසුන්, පාපැදි කරුවන්, ස්කූටර් පදවන්නන්, පුද්ගලයන් වැනි විවිධ අනතුරු වලට ලක්වෙ​න කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් පුළුල් පරාසයක මුල පිරීම් දියත් කරන බවයි.

“එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රථවාහන දෙපාර්තමේන්තු​ව ග්ලෝබල් විලේජ්හි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ මණ්ඩපය තුළ විශේෂ වැඩසට​හනක​ට සහභාගී විය. RTA හි අවධානය යොමු වූයේ බයිසිකල් සහ ඊ-ස්කූටර් භාවිතා කරන්නන් සඳහා රථවාහන ආරක්ෂණ අවශ්‍යතා පිළිබඳව දැනුවත් කිරීම සහ ආසන පටි සවි කිරීමේ සහ පදික ආරක්ෂාව පිළිබඳ වැදගත්කම අවධාරණය කිරීමයි. මෙහිදී වාහන පෙරළීමකදී ආසන පටිවල වැදගත්කම පිළිබඳව නිදර්ශන සහිතව සහභාගිවන්නන් දැනුවත් කිරීම​ට කටයුතු කරනු ලැබුවා. මීට අමතරව, Careem BIKE විසින් ඩුබායි හි බයිසිකල් කුලියට දෙන ස්ථානයක් ප්‍රදර්ශනය කරන ලද අතර බයිසිකල් භාවිතා කරන අතරතුර රථවාහන ආරක්ෂණ අවශ්‍යතා පිළිබඳව සරල පැහැදිලි කිරීම් ලබා දුන්නා” Bin Adai පැවසීය.

“ට්‍රයිස්ටාර් සමඟ සහයෝගීතාවයෙන් ගල්ෆ් රථවාහන සතිය තුළ   “Golden Rules for Generational Safety” වැඩසටහන දියත් කරන ලදී. ඩුබායි පාසල්වල සිසුන් සහ පාපැදි භාවිතා කරන සිසුන් 100,000කට වැඩි පිරිසක් පාසල් ආරක්ෂණ මාර්ගෝපදේශ පිළිබඳව විද්‍යුත් තැපෑලෙන් දැනුවත් කිරීම මෙම ව්‍යාපාරයේ අරමුණයි. තවද, පාසල්වල ජංගම රථවාහන ගම්මාන යෙදවීමෙන් ආසන්න වශයෙන් සිසුන් 10,000 ක් සෘජුවම ඉලක්ක කර ගන්නා ලදී. සිසුන්ගේ දැනුවත්භාවය සහ දැනුම මැනීම සඳහා විද්‍යාත්මක ප්‍රශ්නාවලියක් සමඟින් නව්‍ය ත්‍යාග සහ අධ්‍යාපනික අත් පත්‍රිකා බෙදා හැරීම ද මෙම මුලපිරීමට ඇතුලත් විය,” Bin Adai සඳහන් කලා.

රථවාහන සතියේ ක්‍රියාකාරකම්වල කොටසක් ලෙස, බයිසිකල් සහ ඊ-ස්කූටර් භාවිතා කරන්නන්ට උපහාර දැක්වීමේ වැඩසටහනක් දියත් කරන ලදී. ඩුබායි පොලිසිය සමඟ සහයෝගයෙන්, ආදර්ශමත් රියදුරන් සහ බයිසිකල් සහ ඊ-ස්කූටර් භාවිතා කරන්නන් 20 දෙනෙකුට ඩිරාම් 20,000 ක් අඛණ්ඩව දින දෙකක් විවිධ ස්ථානවල බෙදා හැරියේය.

රථවාහන හා මාර්ග නියෝජිතායතනය ඩුබායිහි රෂීඩ් රෝහලේ රථවාහන අනතුරුවලට ගොදුරු වූවන් සම්භන්ධ කරගනිමින් උසස් පාසල් සිසුන්ට රථවාහන අනතුරු හා සම්බන්ධ අවදානම් සහ මාර්ග භාවිතා කරන්නන්ගේ ජීවිත කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව දැනුවත් කිරීමටත් කටයුතු කළේය. මීට අමතරව, ඩුබායි හි සමහර රෝහල් සහ වෙළඳ සංකීර්ණවල ළමා ආසනව​ල ආරක්ෂාව පිළිබඳ​ව මව්වරුන් සඳහා අධ්‍යාපනික දේශනත්, Global Village හිදී RTA මගින් “සලාමා” සඟරාව බෙදා හැරීම මෙන්ම ළමුන් සඳහා “In-Safe Hands” සේවාව හඳුන්වාදීමද දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම් ඇතුළත් විය.

රථවාහන හා මාර්ග නියෝජිතායතනය මෙම මාර්තු මාසයේදී දැන්වීම් පුවරු වල පණිවිඩ සහ ඩුබායිහි වීදිවල අතථ්‍ය පණිවිඩ හරහා සිය මාසික දැනුවත් කිරීමේ ව්‍යාපාරය නොකඩවා කරගෙන ගියේය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි වර්ජින් රේඩියෝ නාලිකාවේ රියැලිටි තරගයකින් ශ්‍රී ලාංකික තරුණයෙක් අවසන් 10 දෙනා අතර​ට
Next Article වසර 5ක් වලංගු UAE නව සංචාරක වීසා
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.