පසුගිය මාසයේ සිරියාවට බලපෑ භූමිකම්පාව හේතුවෙන්, අවතැන් වූ සිරියානු ජනතාවටත්, තුවාල ලැබූවන් සහ ගොඩනැගිලි විනාශයට පත්වූවන්​ට ප්‍රතිචාර වශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය​ය, ‘Operation Gallant Knight/2’ නොනවත්වා දි​න 30 ක් ආධාර ලබා දීම සිදුකොට තිබෙනවා.

මෙය රාජ්‍යයක් විසින් සපයන ලද වඩාත්ම වැදගත් ආධාර ක්‍රමයක් වන අතර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ වෛද්‍ය සැපයුම් රැගත් ටොන් 4,925 ක් බර සැපයුම් ගුවන් වා​ර 151 ක් සිරියාව වෙත ලබා දී තිබෙනවා.

භූමිකම්පාවෙන් ඉක්බිතිව, කඩා වැටුණු ව්‍යුහයන්ගේ සුන්බුන් අතර දිවි ගලවා ගත් අය සෙවීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෝදිසි සහ ගලවා ගැනීමේ කණ්ඩායමක් එහි යවා ඇත. පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් “Gallant Knight 2” මෙහෙයුම් සඳහා භාවිතා කරන ලද සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ උපකරණ සිරියානු සිවිල් ආරක්ෂක අංශයට ලබා දෙන ලදි. අනාගතයේදී ඇතිවිය හැකි ඕනෑම ආපදාවකට සිරියානු සිවිල් ආරක්ෂක කණ්ඩායම් සූදානම් කිරීම සඳහා දැඩි පුහුණු පාඨමාලා ද සංවිධානය කරන ලදී.

විපතට පත් වූවන්ට ආහාර සැපයීම, ඔවුන්ගේ අත්‍යාවශ්‍ය අවශ්‍යතා සපුරාලීම, රෝහල්වලට ඖෂධ සහ වෛද්‍ය සැපයුම් සඳහා සහාය වීම මෙන්ම භූමිකම්පාවෙන් විපතට පත් වූවන් සඳහා තාවකාලික රැකවරණයන් ලෙස කූඩාරම් 50කින් සමන්විත කඳවුරක් ​ද පිහිටුවීම සඳහා එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.

භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට උපකාර කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිරියාවට නවීන තාක්ෂණයෙන් යුත් ගිලන්රථ 10 ක් ලබා දීමත් මෙයට ඇතුලත් වෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිතිපතා ආහාර, වෛද්‍ය සැපයුම් සහ ඖෂධ සැපයීම, සෞඛ්‍ය සේවා අංශයේ අවශ්‍යතා හඳුනා ගැනීම සහ ප්‍රකෘතිමත් වීමේ සහ පුනරුත්ථාපන අවධියේදී සිරියාවේ සහෝදර ජනතාවට සහාය වීම සඳහා අවශ්‍ය ඖෂධ සැපයුම් ලබාදීම දිගටම කරගෙන යනු ලබනවා.

Share.

Comments are closed.