UAE හි ඩී.​එස්. සේනානායක සහ මහානාම විද්‍යාලීය ආදි සිසුන් අතර 2වන වාර්ෂික ක්‍රිකට් ගැටු​ම සාජා හි Vision Cricket Centre ක්‍රීඩාංගනයේදී පසුගිය 11 වෙනි සෙනසුරාදා ඉතා උත්කර්ෂවත් අන්දමින් අවසන් වුනා.

කාසියේ වාසිය දිනාගත් ඩී. එස්. සේනානායක කණ්ඩායම පළමුව පන්ඳුවට පහර දීමට තීරණය කල අතර ඔවුන් සිය පන්ඳුවාර 20 තුල කඩුළු 4 කට ලකුණු 255ක් රැස්කලා.

මෙහිදී ප්‍රභල ආරම්භයක් ලබාගත් සේනානායක කණ්ඩාය​ම පලමු ඕවර 6 තුල ලකුණු 82ක් ලබා ගනිමින් වැඩි ලකුණු ප්‍රමාණයක් ඉලක්ක කොටගෙන තරගයේ වැඩි වාසි ඔවුන් වෙත නතු කරගත්තා. ඩී. එස්. සේනානායක කණ්ඩාය​ම වෙනුවෙන් ආරම්භක පිතිකරු යුවල අර්ශාඩ් ජුනායිඩ් පන්දු 46කින් වේගවත් ලකුණු 100ක්ද ඉම්‍රාන් සම්ශුදීන් පන්දු 49කින් දර්ශනීය ලකුණු 75ක්ද ලබාගනිමින් විශිෂ්ට ලකුණු 255ක් දක්වා තම පිල රැගෙන යනු ලැබුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ මහානාම කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගත්තත් කඩුලු 2ක් බිඳ වැටීමෙන් පසු යම්කිසි පසුබෑමකට ලක් වූවත් නුවන් වර්ණසූරියගේ පන්දු 39ක් තුල රැස් කල ලකුණු 86 සේනානයකයන්ට අභියෝග කරනු ලැබුවා. තරඟය අවසන් පන්දුවාරය තෙක්ම ජයග්‍රහනය දෙපාර්ශවයට දෝලනය වෙමින් සැමදෙනා හට දැඩි කුතුහලයක් දනවන්නට වූවා. අවසන මහානාම කණ්ඩායමට සිය පන්දු වාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ ලකුණු 214ක් පමණි. ඒ අනුව ඩී.​එස්. සේනානයක කන්ඩායමට ලකුණු 41ක තියුණු ජයක් හිමි කරදෙමින් Battle of the Golds ගැටුම එසේ නිමාවට පත්විය.

තරගයේ වීරයා ලෙ​ස සේනානායක කණ්ඩායමේ අර්ශඩ් ජුනයිඩ්, තරගයේ හොඳම පිති​කරු ලෙ​ස මහානාම කණ්ඩායමේ නුවන් වික්‍රමසූරිය සහ තරගයේ හොඳම පන්ඳු යවන්නා ලෙස සේනානයක කණ්ඩායමේ ඉසුරු කල්ප තෝරා ගැනුනා.

මෙම තරගය පැවැත්වූයේ දෙව​න වරට වන අතර මේ දක්වා පැවති තරග දෙකම ජයගනු ලැබු​වේ ඩී. එස්. සේනානායක විද්‍යාලීය කණ්ඩායම විසිනි.

Share.

Comments are closed.