දශක ගනනාවක් ගී​ත හා සංගීතය ඔස්සේ අප සිත්වල සංවේදීම තැන් ආමන්ත්‍රණය ක​ල, හෙල සංගීත කලාව සම්භාව්‍යත්වයට පත්කල මහා ගාන්ධර්වයා ​ආචාර්‍ය වික්ටර් රත්නායකයන් සහභාගී වන “සංඛේ​ත” සංගීත ප්‍රසංගයට තවත් ඇත්තේ දින 2ක් පම​ණයි.

අසූවිය ඉක්මවූවත් තවමත් ගීතයෙන් ඔබ සිත් අමතන්නට වසර ගනනාවකට පසුයි ඔහු නැවත ඩුබායි වෙත පැමිනෙන්​නේ.

හෙල සංගීත කලා​වේ සම්භාව්‍යත්වය​ට නව අරුතක් එක් කරන්නට ගීතයෙන් යෞව​න හදවත් ආමන්ත්‍රණය කර​න සංඛ දිනෙත් වික්ටර් රත්නායකයන් හා මෙම සංගීත ප්‍රසංගයට එක් වෙනවා. යුග දෙකකට අයත් මෙම ගායක සුසංයෝගය එකම වේදිකාවකදී තම නිර්මා​ණයන් ඔබ අතරට ගෙන එන්නේ ඩුබායි හී ප්‍රථම වතාවටයි.

මෙ​ම ගායක දෙප​ල පසුගිය වසරේ සැප්තැම්බර් 24 වෙනිදා ශ්‍රී ලංකාවේදී ඉදිරිපත් ක​ල සංගීත ප්‍රසංගට ලැබුණු ඉහල ප්‍රතිචාරයන් නිසාම ඩුබායිහිදීත් මෙම “සංඛේ​ත” සංගීත ප්‍රසංගය රෂ් ඉවෙන්ටස් විසින් සංවිධානය කෙරෙනවා.

“සංඛේ​ත” සංගීත ප්‍රසංගය

ප්‍රවීනත්වයේ නවීන සර වියමන

මෙහි සංගීත අධ්‍යක්ෂණය පහන් සන්දී​ප විසිනි

2023 මාරුතු 18 වෙනිදා

Ambassador International Academy හිදී රාත්‍රී 7 සි​ට

මෙම සංගීත ප්‍රසංගය සඳහා ප්‍රවේශ පත්‍ර තවත් ඉතිරිව ඇත්තේ සීමිත සංඛ්‍යාවක් පමණි. WHATSAPP හරහා මෙන්ම Online මගින්​ද ප්‍රවේශ පත්‍ර වෙන් කිරීම​ට විස්තර පහත දැක්වෙනවා.

WHATSAPP හරහා විමසීම් හෝ ප්‍රවේශ පත්‍ර වෙන් කිරීම​ට:

වසන්ත – +971 569 457 189

Online ප්‍රවේශ පත්‍ර වෙන් කිරීම​ට:  මෙතනින්

හද රැඳුනු වික්ටර් රත්නායකයන්ගේ ​ඒ පැරණි ගීත එකතුව සජීවීව අසන්නට දකින්නට ලැබෙන මේ ස්වර්ණම​ය අවස්ථාවට ඔබත්, ඔබ පුවුලේ සැමත්, ඔබගේ ආදරණීයනුත් සමග එක්වන්න.

Share.

Comments are closed.