Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Economy»IMF ණය සමඟ කොන්දේසිත්!
Economy

IMF ණය සමඟ කොන්දේසිත්!

Stanly KularathnaBy Stanly KularathnaMarch 16, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාව සඳහා වන ණය මුදල නිදහස් කිරීම අනුමත කිරීමත් සමඟ දේශීය ආර්ථික​ය පාලනයට අදාළ සීමා කිහිපයක් පැනවෙනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

මෙලෙස දැඩි සීමාවලට යටත් පළමු කාරණය වන්නේ මහ බැංකුව මගින් කෙරෙන මුදල් අච්චු ගැසීමයි. ඒ සඳහා මූල්‍ය අරමුදල විසින් සීමාවක් පනවනු ඇතැයි​ද සඳහන්ය.

රුපියල කඩා වැටීම වැළැක්වීම සඳහා මහ බැංකුව විසින් ඩොලර් වැය කිරීමද නිශ්චිත සීමාවකට යටත් කෙරෙයි. නිදහසේ රුපියලේ වටිනාකම තීරණය කළ යුතුය යන්න මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තියයි. එවිට ඩොලරයක රුපියල් වටිනාකම නැවත ඉහළ යනු ඇතැයි වාර්තා වෙයි.

මෙම සීමා කිරීම්වලට අමතරව රජයට දේශීය හා විදේශීය ණය ලබාගැනීම සඳහා ද විශේෂ ණය සීමාවක් පැනවෙනු ඇත.

මේ සියලු සීමා කිරීම් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් රටේ සුබසාධක ප්‍රතිලාභ ලබන්නන් අතරින් වැරදි තොරතුරු ඉදිරිපත් කර ප්‍රතිලාභ ලබන්නන් ඉවත් කිරීමත් කළ යුතු යැයි මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට උපදෙස් දී තිබේ.

මෙම උපදෙස්වලට යටත්ව මූල්‍ය අරමුදල අමෙරිකානු ඩොලර් කෝටි 290ක ණය මුදල ශ්‍රී ලංකාව සඳහා ලබා දීමට අනුමැතිය ලබා දෙනු ඇත. ඒ සඳහා වන අධ්‍යක්ෂ මණ්ඩල රුස්වීම මෙම මස 20දා පැවැත්වෙයි.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ වසරේ දැවැන්තම ආහාර පාන සැණකෙළිය
Next Article මේ වසරේදී 6500ක් කොරියාවට – දැනටමත් 1678ක් ගිහින්
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.